දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් නව ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවකට අදාළ යෝජනාවලියක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ
විශේෂඥ කමිටුවට ඉදිරිපත් කර නිබේ.
ඒ අනුව ඒකීය රාජ්‍ය හා රාජ්‍ය ආරක්ෂාව, පරමාධිපත්‍යය බලය, දේශසීමාව, ජාතික ගීය, බුද්ධ
ශාසනය හා බුද්ධාගම, මූලික අයිනිවාසිකම්, භාෂාව, රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම, රාජ්‍ය
සේවය, ව්‍යවස්ථාදායක බලය, පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය හා ජාත්‍යන්තර ගිවිසුම්, ඡන්ද බලය
සහ ජනමත විචාරණය, මැතිවරණ,බලය විමධ්‍යගත කිරීම, බලය බෙදාහැරීම, බලය වෙන් කිරීම,
අධිකරණය ඇතුළු විෂයයන් පිළිබඳ එකී යෝජනාවලියට ඇතුළත් කර ඇත. එහි වෙනත්
විෂයයන් ලෙස ස්වාභාවික හා ජාතික සම්පත්, ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ යෝජනා මාලාවක්ද අඩංගුය.
එහිදී ව්‍යවස්ථාවට ශ්‍රී ලංකාව සිලෝන් ලෙස හඳුන්වා දී ඇති වචනය සිංහල හා දෙමළ පිටපතට
‘සිංහලදීප ලෙසත් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්ව පැවතිය යුතු අතර ඊට අදාළ වගන්නි
කිහිපයක් හඳුන්වා දී ඇනි සේම ඒකීය රාජ්‍ය මූලධර්මයට එරෙහිව හෝ පටහැනිව කටයුතු
කරනු ලබන සියලු අය වරදකට වරදකරු විය යුතු බවත් එම ව්‍යවස්ථාවේ පනවා ඇති
දඬුවම්වලට ප්‍රජා අයිතිය අහෝසි කිරීමද දඬුවමක් ලෙස ඇතුළත් කිරීමට යෝජනා කරයි.
එමෙන්ම ජාතික ගීය ශ්‍රී ලංකා මාතා පමණක් බවට නියම කළ යුතු අතර එහි පරිවර්තන
ජාතික ගීය ලෙස සැලකීමත්, එවැනි පරිවර්තන ජාතික ගීය වෙනුවට ගායනා කිරීම තහනම් කළ
යුතු බවටද යෝජනා කර තිබේ.
දැනට ව්‍යවස්ථාවේ බුද්ධ ශාසනය හා බුද්ධාගමට අදාළව ඇති 09 වැනි වගන්නිය ඒ
ආකාරයෙන්ම තැබීම, මූලික අයිතිවාසිකම්වලට අදාළව සියලු ජනතාව එකම නීතියකට යටත්
විය යුතු අතර ආගම හෝ වෙනත් ජාතිවාදී පදනමක් මත පදනම් වූ ප්‍රාදේශීය හෝ පෞද්ගලික
නීති සෑදීම ව්‍යවස්ථාවෙන්ම වැළැක්වීම, ජනතාවගේ හා පාලකයන්ගේ මූලික යුතුකම් හා වගවීම්
ද ඇතුළත් කර ඒවා ක්‍රියාත්මක කරවා ගැනීමේ ක්‍රමවේදයක් පැනවීම යන කාරණාද මීට
ඇතුළත්ය.
භාෂාව සම්බන්ධයෙන් “ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වීම, ලංකාව පුරා
බලපැවැත්වෙන පරිපාලන භාෂාව සිංහල වීම හා උතුර, නැඟෙනහිර පළාත්වල පරිපාලන භාෂා
ලෙස දෙමළ භාෂාව භාවිත කළ හැකි බවත් , පළාත් සභා බලතල විමධ්‍යගත කරනු ලබන
ඒකකයක් නොවිය යුතු වීම, නීති සෑදීමේදී රටටම බලපාන පරිදි කිසිදු සීමාවකින් තොරව නීති
සෑදීම මධ්‍යම පාර්ලිමේන්තුව සතු විය යුතු වීම, යම් පනතක් සම්මත වූ පසුවද එහි
ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමේ අයිතිය ජනතාවට
ලබාදීම, රාජ්‍ය මූල්‍ය හා සම්බන්ධ සියලු පියවර පාර්ලිමේන්තුව විසින් සම්මත කළ පසු
ක්‍රියාත්මක කිරීම, ලියාපදිංචිය මත පුරවැසිභාවය ලබන තැනැත්තෙකුට ඡන්ද බලය ලැබීමට අවම
වශයෙන් ශ්‍රී ලංකාව තුළ වසර හතක කාලයක් ජීවත් විය යුතු බව, ස්වාධීන අධිකරණයක්
සඳහා සියලු අධිකරණවල විනිසුරුවරුන් පත් කිරීම, උසස් කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් පිළිගත්
පොදු නිර්ණායකයක් හා පටිපාටියක් තිබීම, පොදු ජනතාවට තම වත්පොහොසත්කම
නොතකා ඕනෑම අධිකරණයක පිහිට පැතීමට සම අවස්ථාවන් ලබාදීම සඳහා ව්‍යවස්ථාවෙන්
ක්‍රමවේදයක් හඳුන්වාදීම යන යෝජනා මෙහිදී විශේෂයෙන් සඳහන් කර තිබේ.
තවද වෙනත් විෂයයන් යටතේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි කළ යුතු වීම හා ඒ වෙනුවට
ද්විත්ව පුරවැසි වැනි නව සංකල්පයක් හඳුන්වා දීම ස්වාභාවික සම්පත් හා ජාතික සම්පත්වල
පරම අයිතිය වත්මන් පුරවැසියන් හා අනාගත පරම්පරාව සතු විය යුතූ වන අතර පවතින ආණ්ඩුව
විසින් ඒවා විශ්වසනීය භාරයක් ලෙස පමණක් දැරිය යුතු බවද යෝජනා කර ඇන.
