You are currently viewing දැනට ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් පැතිර යන නව කොවිඩ්-19 වයිරසය ගැන නව සොයා ගැනීමක්!

දැනට ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් පැතිර යන නව කොවිඩ්-19 වයිරසය ගැන නව සොයා ගැනීමක්!

මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුර‘ ලෙස හදුන්වන මේ වන ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වෛරසය ‘B.1.42‘ යන කාණ්ඩයට අයත් ප්‍රබල වෛරසයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා පැවසීය.

ඊයේ (31) පෙරවරුවේ ‘දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වූ “BIG FOCUS“ වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ බව හෙළි කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මෙසේද සදහන් කළේය.

“ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රමුඛ පර්යේෂකයින් තමයි මේ පරීක්ෂණය කළේ. මහාචාර්ය නීලිකාගෛන් අද උදේ මට අදාළ පර්යේෂණයේ ප්‍රතිඵල ගැන දැනගන්න ලැබුණා. ඇය හොයා ගෙන තියෙනවා මේ වෛරසය ඉස්සෙල්ලා කන්දකාඩු, නේවි නැතිනම් ඊට කලින් අපිට හමුවන වෛරසය නෙමෙයි වෙන වේරියන්ට් එකක්. මේකේ විශේෂ දෙයක් තියෙනවා මේක ඉතාමත් දරුණු ලෙස අනිත් අයට පතුරවන්න හැකියාවක් තියෙනවා කියලා ඇය හොයා ගෙන තියෙනවා. ඒ විශේෂ ලක්ෂණය මේ වෛරස් එකේ තියෙනවා. ඒක තමයි ඉතාම කෙටි කාලයකින් විශාල පුද්ගලයින් ප්‍රමාණයකට මේක පැතිරෙන්න හේතුව…. B.1.42 කියන වෛරස් එකක්.කොවිඩ් වෛරස් එකක්ම තමයි සාස් වෛරස් එකක්. ඇයට කියන්න බෑ මේක එංගලන්තයේ තිබුණ එක ද අමෙරිකාවේ තිබුණ එකද කියලා. මොකද ඇය සතුව ඒ සාම්පල නෑ. නමුත් ඇය දිගටම පර්යේෂණ කරනවා කොහේ හරි රටකට සම්බන්ධයක් ඇති කර ගන්න පුළුවන් ද කියලා. එකක් පැහැදිලිව කියන්න පුළුවන් මේක අපිට තිබුණ එකක් නෙමෙයි පිටරටකින් අපිට ආපු එකක් කියලා.‘

මේ අතර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළේ අදාළ පර්යේෂණ වාර්තාව තමාට ලැබී ඇති බවයි.

එම මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සදහන් වේ.

“මෙවර වෛරසයේ පැතිරීම විශාල වෙනස්කමකින් පැවතෙන බව පෙනී ගියා. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා මෙවර කොවිඩ් -19 වෛරසයේ ස්වභාවය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කරන්න කියලා. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවි ඇතුළු කණ්ඩායම මෙම වෛරසයේ ප්‍රභේදය පිළිබදව දීර්ඝ අධ්‍යයනයක් පරීක්ෂණාගාර තුල සිදු කළා. ඒ අනුව එම පරීක්ෂණ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබිලා තිබෙනවා. එම වාර්තාවට අනුව මේ කාලය තුල ලංකාවේ තිබෙන්නේ කොවිඩ් -19 වෛරසයේ එක ප්‍රභේදයක් පමණයි. එම ප්‍රභේදය පමණමයි මිනුවන්ගොඩ, බේරුවල, මාළු වෙළෙද සැලේ ගත්තත් ලංකාවේ කොහේ ගත්තතත් තිබෙන්නේ. මෙම පරීයේෂණාගාර තුල සිදු කළ පරීක්ෂණ වල දී  මහාචාර්ය කණ්ඩායමට තහවුරු වෙලා, ඔප්පුවෙලා තිබෙනවා මෙම වෛරසයේ වෛරස් ප්‍රමාණය ඉතාම වේගයෙන් ශරීරය තුල විශාල ප්‍රමාණයක් වර්ධනය වන බවත්, ඉතාම ඉක්මණින්සීඝ්‍රයන් පැතිරෙන්නට පුළුවන් වෛරස් ප්‍රභේදයක් බවත්. ලංකාවේ වෙනදා තිබුන කොවිඩ්- 19 වෛරස් ප්‍රභේදය වගේ නොවෙයි මෙම වෛරස් ප්‍රභේදය වෙනස්.”

“අපේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා රජයක් ලෙස රෝගය ලංකාව තුල මර්දනය කරන්න ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ගනිමින් සිටිනවා. ජනතාව නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරලා ජනතාවගේ සහයෝගය ද එම වැඩපිළිවෙලට ලබාදෙන්න කියලා”

Leave a Reply