20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද (22) රාත්‍රී සිදුකිරීමට නියමිතව තිබේ.
ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වු විවාදය ඊයේ (21) පෙරවරුවේ ආරම්භ වූ අතර එය අද දිනයේත් පැවැත්වීමට නියමිතය.
අද පෙරවරු 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර කාරක සභා අවස්ථාවෙන් පසු ඊට අදාළ ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇත.
