You are currently viewing 20වන සංශෝධනයෙන් මන්ත්‍රීවරුන්ට හෝ රටට කිසිඳු සෙතක් සැලසෙන්නේ නැහැ- ඉමිතියාස් බාකීර් මාකර් (වීඩියෝ)

20වන සංශෝධනයෙන් මන්ත්‍රීවරුන්ට හෝ රටට කිසිඳු සෙතක් සැලසෙන්නේ නැහැ- ඉමිතියාස් බාකීර් මාකර් (වීඩියෝ)

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡුන්දය ප‍්‍රකාශ කිරීමෙන් රටට හෝ ජනතාවට මෙන්ම වත්මන් අගමැතිවරයාට මෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ටද කිසිදු සෙතක් සැලසෙන්නේ නැතැයි සමගි ජනබලවේගය මන්තී‍්‍ර ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) පැවැසීය.

එබැවින් සිය හෘද සාක්‍ෂියට අනුව 20 වැනි ව්‍යවස්ථාවට ඡන්දය ප‍්‍රකාශ කරන ලෙස තමන් ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ගෙන් ඉල්ලා සිටින බවද 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ විවාදයේදී විපක්‍ෂය වෙනුවෙන් අදහස් දැක්වීම ආරම්භ කරමින් පැවැසීය.

වත්මන් ආණ්ඩුව පිහිටුවීමට මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනපි‍්‍රයත්වය හේතුවූ බවත් එහෙත් 20 වැනි සංශෝධනය සම්මතවූ පසුව අගමැතිවරයාද හෑල්ලූවට ලක්වන බවත් කී බාකීර් මාකර් මහතා ඒ අනුව අගමැතිවරයා හදවතින් සිටින්නේ විපක්‍ෂය සමගින් යැයිද කීවේය.

20 වැනි සංශෝධනයට පක්‍ෂව අත් ඔසවන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ටම ඉන් ප‍්‍රථමයෙන් බැට කන්නට සිදුවනු ඇති බවත් එබැවින් සිය හෘද සාක්‍ෂියට අනුව තම රට හා දරු පවුල පිළිබඳ සිතා කටයුතු කළ යුතු යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply