20 වන සංශෝධනයේ ඇතුලත් ද්විත්ව පුරවැසියන්හට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරීමේ හැකියාව පිළිබඳ වගන්තිය හරහා විදේශ පුරවැසියෙකුට මෙරට රාජ්‍ය නායකයා වීමට ඉඩ සැලසීමේ අවධානමක් පවතින බව ‘මාර්තු 12 ව්‍යාපාරය’ පෙන්වා දෙනවා.
එම සංවිධානය මෙම අදහස් පළ කර සිටියේ අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
රට, ජාතිය සහ ආගම පිළිබඳව මහත් අභිමානයෙන් සිටින රටක මන්ත්‍රීවරුන් විදේශිකයන්ට මෙරට පාර්ලිමේන්තුවට ඇතුළත් වීම රාජ්‍ය නායකත්වය දක්වා ගමන් කිරීමට ඉඩ ලබා දී ඇති බවත් රටේන් ඒකීය බව වෙනුවෙන් කැපවීමට අදාල වගන්ත්‍රීන් මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීමෙන් ඉවත් කර ඇති බවටද ඔවුන් පෙන්වා දෙනවා.
රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ඡන්දය ලබා නොදෙන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද මෙය සම්මත කර ගැනීම වෙනුවෙන් රහස් ඡන්දයක් පැවැත්වීම වඩා සුදුසු බවද ඔවුන් පවසනවා.
