20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ කර තිබේ.
අද (21) උදෑසන 10 පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වු අතර, අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතා විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය තෙවන වර කියවීමේ විවාදය ආරම්භ කළේය.
අද සහ හෙට (22) පෙරවරු 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර හෙට රාත්‍රියේ ඒ සඳහා වන ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.
