You are currently viewing 20ට අදාළ විවාදය නීතිරීතිවලට පටහැනියි! වහාම කල්දමන්න – කථානායකට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගෙන් ලිපියක්

20ට අදාළ විවාදය නීතිරීතිවලට පටහැනියි! වහාම කල්දමන්න – කථානායකට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගෙන් ලිපියක්

හෙට(20) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව විවාදයට ගැනීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදය පාර්ලිමේන්තුවේ නීතිරීතිවලට පටහැනි බව පෙන්වාදෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානයකතුමා වෙත ලිපියක් යොමු කොට ඇත. 

එම ලිපිය පහත දැක්වේ. 

2020-10-19

ගරු කථානායකතුමනි,

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීම

කොවිඩ් ආසාධිතයින් රටේ සෑම දිස්ත්‍රික්කයකම හෙළිදරව් වී ඇත.  එය වසංගතයක් බවට පත්ව ඇත්තේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා බව පෙනෙන්නට තිබේ.  පසුගිය අප්‍රේල් මස 22 වන දා පටන් කිහිප අවස්ථාවක කොවිඩ් උවදුර අවසන් යැයි ආණ්ඩුව ප්‍රකාශ කළත් එසේ සිදුවී නොමැත.  තවද, කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය නීති රීති හා රෙගුලාසි ගෙන ඒමට මාස 10 ක් පමණ ප්‍රමාද විය.  ලෝකයේ අනෙකුත් රටවල් මැයි මාසය වන විට අවශ්‍ය රෙගුලාසි ඉදිරිපත් කරන ලදී.  ප්‍රමාද වී හෝ රෙගුලාසි ගණනාවක් ගැසට් කරන ලදී.  මෙම රෙගුලාසි අනුවම මෙම රෙගුලාසි ක්‍රියාත්මක කරන්නේ නම් රැස්වීම් නීමා කළ යුතුය.  දුරස්ථභාවය ආරක්ෂා කර ගත යුතුය.  එසේ හෙයින්,

පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය රජයේ රෙගුලාසිවලට පරස්පර වේ. රැස්වීම් සීමා කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීමද එම නීතිරීතිවලට පටහැනි වේ.

නීති සම්පාදනය කරන ස්ථානයම නීති උල්ලංඝනය කරන්නේ නම් රටට දෙන ආදර්ශය කුමක්ද?

එම නිසා මෙම සතියේ පැවැත්වීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඒ අනුව විපක්ෂය ලෙස අප ඉල්ලා සිටින්නේ ඉහතින් දක්වා ඇති කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දෙමින් මෙම සතියේ පාර්ලිමේන්තු සැසිය  පැවැත්වීම රජය විසින් පනවන ලද නව නීති රීතිවලට අනුකූලව කැදවන ලෙසය.

ලක්ෂ්මන් කිරිඇල්ල (පා.ම.)

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

Leave a Reply