You are currently viewing 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය කථානායකට
Sri Lanka's new speaker Mahinda Yapa Abeywardena addresses the parliament in Colombo on August 20, 2020, shortly after he was unanimously elected to the post in the 225-member assembly. - Abeywardena is from Prime Minister Mahinda Rajapaksa's Sri Lanka Podujana Party which won a landslide two-thirds majority at the August 5 parliamentary election. (Photo by ISHARA S. KODIKARA / AFP)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය කථානායකට

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වු පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය තම කාර්යාලයට ලැබී ඇතැයි කථනායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ලබන සඳුදා තමා කර්යාලයට ගිය පසු එය විවෘත කර බලන බව ඔහු පැවසීය. එසේම ඔක්තෝබර් 20වනදා නැවත පාර්ලිමේන්තුව රැස් වු පසු එම නිගමනය පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවද කථානායකවරයා පැවසීය.

කැබිනට් අනුමැතිය හිමිවූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය සැප්තැම්බර් 22 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඒ අනුව එම සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 38 ක් විවිධ පාර්ශව විසින් ගොනු කළේය.

ඊට අදාළ පෙත්සම් විභාගය පසුගිය 5 වන දින අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට ලබාදෙන බව ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව අදාළ තීන්දුව මේ වන විට තමන් වෙත ලැබී ඇති අතර මීලඟ පාර්ලිමේන්තු සභාවාරය වන ඔක්තෝබර් 20 වන දින පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

-අද දෙරණ-

Sri Lanka’s new speaker Mahinda Yapa Abeywardena addresses the parliament in Colombo on August 20, 2020, shortly after he was unanimously elected to the post in the 225-member assembly. – Abeywardena is from Prime Minister Mahinda Rajapaksa’s Sri Lanka Podujana Party which won a landslide two-thirds majority at the August 5 parliamentary election. (Photo by ISHARA S. KODIKARA / AFP)