සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ, මුලින්ම කොරෝනා වෛරසය පැතිර ගිය මොහොතේ දී තත්ත්වය පාලනය කරගැනීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල කැපවීම මෙන්ම ජනතාව සිහිබුද්ධියෙන් කටයුතු කිරීමත් බොහෝදුරට උපකාරී වූ බවය. නැවතත් රටේ කොරෝනා වෛරසය සීඝ්රයෙන් පැතිර යාම වලක්වා ගැනීමට මේ අවස්ථාවේදීත් වඩාත්ම වැදගත් වෙන්නේ ජනතාව වගකීමෙන් කටයුතු කිරීම බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ කෝවිඩ් තත්වයේ නවතම වර්ධනයන් සලකා බැලීමේදී ප්‍රජාවන් අතර හඳුනා නොගත් ආකාරයෙන් වෛරසය ව්‍යාප්තියක් ඇතිවීමේ හැකියාව වැළැක්වීමට යහපත් සෞඛ්‍ය පුරුදු නැවතත් භාවිතයට ගැනීමට කාලය බව ද එම ආයතනය පවසයි.
එම සෞඛ්‍ය මාර්ගෝපදේශ පහත සඳහන් පරිදි වේ.
- පුද්ගල දුරස්ථභාවය සැමවිටම පවත්වාගන්න.
- නොතරම දෑත් පිරිසිදුව තබාගන්න.
- කහින විට හෝ කිවිසන විට වැලිමිටෙන් හෝ ටිෂු කඩදාසියකින් කට සහ නාසය වසා ගන්න.
- මුහුණ ඇල්ලීමෙන් වළකින්න.
- ඔබට උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ලක්ෂණ තියෙනවා නම්, හැකිතාක් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න. වෛද්‍ය උපදෙස් ගැනීමට යාමේදී පොදු ප්‍රවාහන සේවා යොදාගැනීමෙන් හැකිතාක් දුරට වලකින්න.
- ගමන් බිමන් නවතා නිවසට වී සිටින්න.
- මුව ආවරණය නිවැරදිව පළඳින්න.
- වැඩි විස්තර සඳහා 1999 සුවසැරිය දුරකථන සේවය අමතන්න.
