You are currently viewing 20ට එරෙහිව සමගි ජන බලවේගයෙන් ජාතික විරෝධතා ව්‍යාපාරයක්

20ට එරෙහිව සමගි ජන බලවේගයෙන් ජාතික විරෝධතා ව්‍යාපාරයක්

20 වැනි සංශෝධනයට එරෙහිව ජනතාව දැනුවත් කරමින් ජන මතයක් ඇතිකිරීම සඳහා සමගි ජන බලවේගය විසින් ජාතික විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නියමිත බව එම  පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. 

“20 වැනි සංශෝධනය පිළිබඳ ජනතා මතයක් ඇති කරන්න, ඒ ජනතා මතය ඇතිකිරීම සඳහා ජාතික විරෝධතා ව්‍යාපාරයක් අපි ඇතිකරන්න බලාපොරොත්තු වෙනවා සමගි ජන බලවේගය මූලිකත්වය අරගෙන. ඔක්තෝබර් මාසයේ මුල් සති දෙකම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා ජනතාව දැනුවත් කරන්න. 

මේ අයියාටයි මල්ලිටයි තියෙන බල අරගලය විසඳාගන්න මේ ආකාරයෙන් මහජන අයිතිවාසියකම් උදුරාගන්න උත්සාහ කිරීම සාධාරණද කියන කාරණය තමයි අපට මේ මොහොතේ ප්‍රශ්න කරන්න තිබෙන්නෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. තිස්ස අත්තනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

Leave a Reply