සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය පවසන්නේ මහ මැතිවරණයට පෙර ජනතාව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඇතුළත් කර ඇති ඇතැම් වගන්ති සම්බන්ධයෙන් දැනුවත්ව සිටියේනම් වත්මන් ආන්ඩුවට තුනෙන් දෙකක බහුතරය බලයක් ලබා නොදීමට ඉඩ තිබූ බවයි.ඔහු එහිදි වැඩි දුරටත් පෙන්වා දුන්නේ තවමත් බහුතර ජනතාවට 20 වැනි සංශෝධනයේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් නොමැති බවයි.
ප්‍රජාතන්ත්‍රවාදී රටවල ජාතික වැදගත්කමක් සහිත කාර්යයන්වලදී පළමුව කරන්නේ ජනතාව දැනුවත් කර ඔවුන්ගේ අදහස් ලබා ගැනීම බව පවසන කරු ජයසූරිය, වත්මන් රජයද,කළයුත්තේ නව සංශෝධනයේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ජනතාව නිසි පරිදි දැනුවත් කිරීම බව පෙන්වා දුන්නා.
20 වැනි සංශෝධනය හරහා ජනාධිපතිවරයා යනු යකා නටන පුද්ගලයෙකු බවට පත්වීමේ අනතුරක් ඇති බවත්,ඉදිරියේදී පත්වන ජනාධිපතිවරුන් තමන්ගේ මතයට එකඟ නොවන පුද්ගලයන් හිස ගසා මරා දමන තත්වයට වුවද පත්විය හැකි බවත් පැවසූ කරූ ජයසූරිය මෙයින් පාර්ලිමේන්තුව තැපැල් කාර්යාලයක තත්ත්වයට පත්වෙන බව ද කියා සිටියා.
