IMG-LOGO
Home செய்திகள் 20 ට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

20 ට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

Date : 2020-Sep-30
IMG
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමේ දෙවන දිනය අදයි (30) .


අදාළ කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ඊයේ (29) පෙරවරුවේ ආරම්භ විය.


අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලුණි.


20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39ක් ගොනුකර තිබේ.
Tags: