IMG-LOGO
Home செய்திகள் පසුගිය වසරේ මැතිවරණ කොමිසමේ 4 වන කාර්තුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුවේ විවාදයක්

පසුගිය වසරේ මැතිවරණ කොමිසමේ 4 වන කාර්තුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුවේ විවාදයක්

Date : 2020-Sep-23
IMG
හෙට (2020 ක්වූ සැප්තැම්බර් මස 24 වනදා) රැස්වන පාර්ලිමේන්තුවේදී මැතිවරණ කොමිසමේ පසුගිය වසරේ හතරවන කාර්තුවට (01-10-2019 සිට 31-12-2019 දක්වා) අදාළ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වන කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතව ඇත. මීට අදාළ වාර්තාව පසුගිය සැප්තැම්බර් 10 වනදා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. 


හෙට (24) පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික ප්‍රශ්න ඇසීමේ සහ පිළිතුරු ලබාදීමේ අවස්ථාවෙන් අනතුරුව,  මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරීත්වයට අදාළ මෙම කල්තැබීමේදී විවාදය පෙරවරු11.00 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කර ඇත. 
Tags: