IMG-LOGO
Home செய்திகள் කෝවිඩ් 19 ආසදිත මරණවල අවසාන කටයුතු සිදුකල යුතු ආකාරය පිළිබඳව ඉන්දියානු අධිකරණ තීන්දුවක්

කෝවිඩ් 19 ආසදිත මරණවල අවසාන කටයුතු සිදුකල යුතු ආකාරය පිළිබඳව ඉන්දියානු අධිකරණ තීන්දුවක්

Date : 2020-Nov-22
IMG

කෝවිඩ් 19 වෛරසය වැළඳීමෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානය කිරීම සුදුසු ද නුසුදුසු ද යන්න පිළිබඳව ශ්‍රීලංකාව තුළ මේ මොහොත වන විට සමාජ කතා බහක් ඇතිව තිබේ. එවැනි සන්දර්භයක් තුළ පසුගියදා ඉන්දියාවේ කල්කටා මහාධිකරණය විසින් ලබා දුන් මෙම අධිකරණ තීන්දුව පිළිබඳව අවධානය යොමු කිරීම අතිශය වැදගත් ය. කල්කටා මහාධිකරණය හමුවේ විභාග වූ විනීත් රුයියා එදිරිව ප්‍රධාන ලේකම්, බටහිර බෙංගාල ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය සහ පවුල් සුභසාධන අමාත්‍යාංශය  නඩුව මින් එක් නඩුවකි. එහිදී ප්‍රධාන විනිසුරු තොට්ටාති බී. රාධාක්‍රිෂ්ණන් සහ විනිසුරු අරිජිත් බෙනර්ජී විසින් මල සිරුරු භූමිදානය හෝ ආදාහනය කිරීම සිදු කිරීමේ දී පහත මාර්ගෝපදේශයන් අනුගමනය කරන ලෙස නියම කෙරිණි.


1.  පශ්චාත් මරණ පරීක්ෂණයක් අවශ්‍ය නොවන අවස්ථාවක පවුලේ සමීප ඥාතියකු වෙත සෞඛ්‍ය ආරක්‍ෂිත බෑගයක බහාලන ලද සිරුර භාරදීම. එහිදී එම බෑගයේ සිරුරේ මුහුණ ආශ්‍රිත කොටස පෙනෙන පරිදි එම කොටස සඳහා විනිවිද පෙනෙන ආවරණයක් යෙදීම සහ ආවරණයේ බාහිර මතුපිට විෂබීජ හරණය කිරීම


2.  මළසිරුර ප්‍රවාහනය කරන පිරිස් නිසි නිරෝධායන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් විෂබීජ වලට නිරාවරනය නොවන ආරක්‍ෂිත උපකරණ සහ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම


3.  මළසිරුර ප්‍රවාහනය සඳහා සුදුසු වාහනයක් නිසි ක්‍රමවේදයන්ට අනුව භවිතා කිරීම


4.  ආදාහනය හෝ භූමිදානය කරන සේවක පිරිස් රෝග නිවාරණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම


5.  ආදාහනය හෝ භූමිදානය සිදුකරන අවස්ථාවේ දී මළසිරුරේ මුහුණ ආශ්‍රිත කොටස පමණක් ඥාතීන්ට අවසාන වතාවට බලා ගැනීම සඳහා ආදාහනය හෝ භූමිදානය සිදුකරන සේවකයකු විසින් නිරාවරණය කරනු ලැබිය හැකිය. මේ අවස්ථාවේ දී මල සිරුර ස්පර්ශ කිරීමකින් තොරව සිදුකරන ආගමික වතාවත් සිදු කිරීම සඳහා අවසර ඇත.


6.   මල සිරුර ආදාහනය හෝ භූමිදානය කිරීමෙන් පසුව ඥාතීන් සහ මළසිරුර ආදාහනය හෝ භූමිදානය සිදුකරන ලද සේවකින් තම සිරුරු නිසි පරිදි විෂබීජ හරණය කරගත යුතුය.


7.       සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා මෙම අවස්ථාවන්ට විශාල පිරිසක් රැස්වීමෙන් වැළකිය යුතුය.


8.       මළසිරුර එහා මෙහා ගිනියන ඥාතීන් සහ සේවක පිරිස් ආදාහනය හෝ භූමිදානය කිරීමෙන් අනතුරුව එම භූමියේ සිට කෙලින්ම රෝහල වෙත යායුතුය.


9.       කිසියම් අවස්ථාවක කිසියම් පුද්ගලයකුගේ මරණය කොරෝනා මරණයක් ලෙස සැකසහිත එහෙත් නිසි ලෙස තහවුරු කරනොගත් අවස්ථාවක සිරුර භූමිදානය හෝ ආදාහනය රජයේ වියදමින් නිසි ගෞරවය සහිතව කල යුතුය.  


මීට අදාළ සම්පූර්ණ නඩු තීන්දුව පහත ලින්ක් එකෙන් කියවන්න. 


https://drive.google.com/file/d/1hOu0rljJid974xzO8Sezy0FssRV5vJUm/view?usp=sharing


Tags: