IMG-LOGO
Home செய்திகள் 2021 අයවැය කථාව

2021 අයවැය කථාව

Date : 2020-Nov-17
IMG

2021 මුදල් වර්ෂයට අදාළ අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී.


අද (17) පස්වරු 01.40ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ විය.


මෙය මෙරට 75 වන අයවැය ප්‍රකාශය වේ.

  • රජයේ සාර්ව ආර්ථික ගමන්මග “සෞභාගයේ දැක්ම“ සමාජයේ සියලු අයට ප්‍රතිලාභ ලැබෙන සියයට 6ක ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම ඉලක්කය වන බව ද අගමැතිවරයා මෙහිදී පැවසීය.
  • 2020 ජනවාරි මාසයේ හඳුන්වා දුන් බදු ප්‍රතිපත්තිය අඛණ්ඩය ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කරන අතර, සියයට 8ක් වු වැට් බද්ද දිගටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා අතර, එමෙන්ම විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීමට ද පියවර ගැනේ.
  • ආනයන මත පදනම් ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම අවශ්‍යයි 
  • විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරනවා.
  • රාජ්‍ය ණය 90% සිට 70% දක්වා පහතට ගෙන ඒමට අපේක්ෂා කරනවා. 
  • දේශීය ආදායම් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට වැඩි වශයෙන් යොදවනවා.
  • වැට් බද්ද නොවෙනස්ව පවත්වාගෙන යනවා. 
  • ජාතිය ගොඩනැගීමේ බද්ද ගෙවීමේදී සහන ක්‍රමයක් යෝජනා කරනවා. 
  • විශේෂ බදු අභියාචනා උසාවියක් පිහිටුවීමට යෝජනා.
  • ජාතික ඉතිරිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පියවර ගන්නවා.
  • අසත්‍ය බදු වාර්තා සකස් කරන්නන්ට එරෙහිව නව නීති. 
  • ඉදිරි 05 වසර තුළ කෘෂිකර්ම, සත්ත්ව හා ධීවර ක්ෂේත්‍රයන් ආදායම් බදුවලින් නිදහස් කෙරේ.
  • රුපියල් මි. 25ට වැඩි ආදායමක් උපයන ආයතන සඳහා ඇති 8% වැට් බදු එසේම පවතිනු ඇති.
  • බදු වංචා සඳහා උදව්කරන බදු නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ හැකිවන සේ නව නීති හඳුන්වා දීමට යෝජනා.
  • නිත්‍ය නිවාස වෙළෙඳපොළ දිරිගැන්වීම සඳහා ආදායම් බදුවලින් නිදහස්.
  • පොලිස් සේවය ශක්තිමත් කෙරේ.
  • ආබාධිත රණවිරුවන්ගේ සුබසාදන කටයුතු සඳහා රු.මි.700 ක්.
  • සමෘධිලාභීන් සඳහා 7%ක ණය ලබාගැනීමට අවස්ථාව.
  • තාක්ෂණ කේෂ්ත්‍රය පුළුල් කිරීමට රුපියල් බිලියන 8ක්.
  • බුද්ධිමය දේපළ හා දත්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති සම්පාදනය කරනවා. 
  • ගාල්ල, කුරුණෑගල, මඩකලපුව, අනුරාධපුර, මහනුවර සඳහා නව තාක්ෂණ උද්‍යාන 05ක් ඇති කරනවා.
  • සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සඳහා රු.මි 18,000ක්.
  • ත්‍රීපෝෂ නිෂ්පාදනය වැඩිකිරීමට රු.මි 1500 අතිරේක ප්‍රතිපාදන.
  • හෙද විදුහල උපාධි ලබාදෙන ආයතනයක් බවට උසස් කෙරේ.
  • කොවිඩ් ඇතුළු වසංගත රෝග නිරෝධායනය දී තාවකාලිකව අහිමිවන ජීවනෝපාය සඳහා රැකවරණයක් ලබා දීමට නව රක්ෂණ ක්‍රමයක්. සේවක සංඛ්‍යාව 50ක් හෝ ඊට වැඩි ආයතනවල පිරිවැටුම් සියයට 0.25ක රක්ෂණ දායකත්වයක් අය කර ගැනීමට යෝජනා. 
  • සිල්ලර හා හෝටල් සඳහා ද මේ රක්ෂණ ක්‍රමය යොදා ගැනේ.
  • සියලු රාජ්‍ය සේවාවල අග්‍රහාර රක්ෂණ ක්‍රමයට සමගාමීව කොවිඩ් රක්ෂණ ක්‍රමය ද රජයේ දායකත්වෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.
  • දුෂ්කර පාසල්වල දුරස්ථ අධ්‍යාපනය ඉහළ දැමීම සඳහා රූපවාහිනි යන්ත්‍ර. 
  • රුපියල් බිලියන 15ක ටෙලිකොම් සංවර්ධන අරමුදලක්. එම ව්‍යාපෘතිය 2020 - 2022 යන වර්ෂවල ක්‍රියාත්මක කෙරේ.
  • දිස්ත්‍රික්කයට එක බැගින් නේවාසික නගර විශ්වවිද්‍යාල පිහිටුවීමට පියවර.
  • ක්‍රීඩා සංවර්ධනය ජාතික ආයෝජනයක් ලෙස සැලකේ. ඒ යටතේ ක්‍රීඩා පාසල් 10ක් දියුණු කෙරේ.
  • නව ව්‍යවසාකයින් සඳහා රුපියල් ලක්ෂ 5ක ණයක්.
  • දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 250ක්.
  • විදෙස්ගතව රැකියාකරන අය සඳහා 2013 දී යෝජනා වූ විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත ක්‍රියාත්මක කෙරේ.
  • කිරිපිටි ආනයනයට වාර්ෂිකව ඩොලර් මිලියන 300ක් වැයවේ. එය අඩුකිරීමට දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට සැලසුම් කෙරේ.
  • ධීවර සංස්ථාව ප්‍රතිසංවිධානය කිරීමට රුපියල් මිලියන 500ක්.
  • අක්කර 6500ක කජුවගා කිරීමට පියවර.
  • 2021 ජනවාරි සිට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කෙරේ.
  • මෙගාවොට් 300 ගල් අඟුරු බලාගාරයක් සහ මෙගාවොට් 600 ක ස්වභාවික වායු බලාගාරයක් කඩිනමින් ඉදිකරනවා.
  • සංචාරක ක්ෂේත්‍රය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ලබාදුන් ණය නැවත ගෙවීමේ කාලය 2021 සැප්තැම්බර් 30 දක්වා දිර්ඝ කෙරේ.
  • අඩු ආදායම්ලාභී නිවාස 100,000ක් සඳහා සුර්යකෝෂ පැනල ලබා දීමට යෝජනා කෙරේ.
  • මැණික් අපනයනයේදී වසර 03ක අපනයන බදු විරාමයක්.
  • වාහන අමතර කොටස් සඳහා ආනයන බදු අඩු කිරීමට යෝජනා.
  • මුල්‍ය සමාගම් නියාමනයට ශක්තිමත් වන ආයතිනක ව්‍යුහයක් ගොඩනැගීමට අදහස් කෙරේ. 
  • පවතින ආයතන ශක්තිමත් කිරීමට ඒකාබද්ධ කටයුතු කිරීමේ හැකියාව සොයාබැලේ.
  • වාණිජ බැංකුවලට ආයෝජන බැංකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය කරන නෛතික පසුබිම ඇති කිරීම.
Tags: