IMG-LOGO
Home செய்திகள் 20 වැනි සංශෝධනයට අදාළ පාර්ලිමේන්තු විවාදය දින 2කට සීමා කරයි

20 වැනි සංශෝධනයට අදාළ පාර්ලිමේන්තු විවාදය දින 2කට සීමා කරයි

Date : 2020-Oct-18
IMG
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 20 වැනි සංශෝධනය ලබන ඔක්තෝම්බර් 21 සහ 22 දිනවලදී පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා (16) තීරණය කරන ලදි.


මේ අතර 20 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂඨාධිකරණයේ තීන්දුව ලබන ඔක්තෝම්බර් 20 වැනිදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනු ඇත. 


කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පමණක් පෙරවරු 10 සිට රාත්‍රී 7.30 දක්වා පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට තීරණය වී තිබේ. මීට පෙර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය දින තුනක් පැවැත්වීමට සැලසුම් කර තිබිණ. 


ඔක්තෝබර් 22 රාත්‍රී 7.30 ට විවාදය අවසන් වීමෙන් පසු කාරකසභා අවස්ථාව ආරම්භ කීරිමට නියමිතය.
Tags: