IMG-LOGO
Home கட்டுரை සතියේ ව්‍යාපාර සහ මූල්‍ය විමසුම

සතියේ ව්‍යාපාර සහ මූල්‍ය විමසුම

Date : 2020-Nov-15
IMG
අපි පසුගිය ලිපියෙන් සඳහන් කර සිටි ආකාරයට ශ්‍රී ලාංකික පාඨකයින්ගේ යහපත සඳහා මේ සතියේ සිට අපගේ ආර්ථික, ව්‍යාපාර ක්ෂේත්‍රය සහ මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ සරල විමසුමක් ඉදිරිපත් කරමු.


රටක ආර්ථික සංවර්ධනය මැනීමේදී ප්‍රධාන දර්ශකයක් වන්නේ වර්ෂයක් තුළ එම රටේ දළ ජාතික නිෂ්පාදිතය GDP - (Gross National Production) කොපමණ ද යන්න මැන බැලීමයි.


එය කාර්තුමය වශයෙන් හෝ හය මාසයකට වරක් කළ හැකිය. කොවිඩ් 19 වසංගතය ලොව පුරා පැතිරීමට පෙර එනම් 1997-2001, 2008 යන වර්ෂවල පැවති ලෝක ආර්ථික අර්බුදයන් හැරුණ විට සෑම වසරකම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ධන අගයන් ගෙන ඇත.


එහෙත් 2020 මාර්තු මස 20 වැනි දින සිට අපගේ ආර්ථිකය අගුලු දමා සියලුම ( Locked Down)කර්මාන්ත සහ ව්‍යාපාර වසා දැමීම නිසා 2020 පළමු කාර්තුවේදී දළ ජාතික නිෂ්පාදිතය එනම් අප රටේ සියලුම නිෂ්පාදනයන්හි හා සේවාවන්හි මුළු වටිනාකම 1.61% කින් අඩු වී ඇත. ඒ 2019 වර්ෂයට සාපේක්ෂවයි.


දෙවන කාර්තුවේ දළ ජාතික නිෂ්පාදිතයේ දර්ශකය,සංඛ්‍යා ලේඛන, අදාල ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මේ වන තුරු නිකුත් නොකර තිබීම ගැටලූ සහගතය.


ජාත්‍යන්තර මාධ්‍ය සහ එක් එක් රජයන්හි සංඛ්‍යාලේඛණ, දර්ශක, ලිපි, පර්යේෂණ ලිපි ආදිය පිළිබඳ දෛනිකව පරිහරණය කිරීමේදී පෙනී යන කරුණක් වන්නේ අප රටෙහි මේ සියල්ලෙහි අඩුවක් ඇති බවයි. නැතිනම් වර්ථමාන නවීණ සමාජයේ තාක්ෂණය සහ මහා පරිමාණයෙන් දත්ත විශ්ලේෂණය කර තීන්දු තීරණ ගන්න සමාජයක මෙම දර්ශක, අගයන්, ප්‍රස්ථාර නිකුත් නොකිරීම සංසන්ධනය කළ හැක්කේ කොරෝනා වැළඳී ඇති රෝගියෙකුට හිතාමතාම PCR පරීක්ෂණයක් නොකර සිටීමක් වැනිය.


නැතිනම් අධික උණ රෝගයකින් පෙළෙන තැනැත්තෙකුගේ උණ ප්‍රමාණය පැය හයකට වරක් පරීක්ෂා කර එය සටහන් නොකිරීම වැනි වැරැද්දක් බවය.නැති නම් එය මෙහිදී සඳහන් කළ යුත්තේ සමාව දිය නොහැකි (Blunder ) වරදක් ලෙසය.


ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ කතා කිරීමට පෙර අපි ජාත්‍යන්තර තත්වය ගැන කතා කරමු. ඇමෙරිකාව අගුලු දැමීම නිසා දෙවන මාසය වන විට රැකියා අහිමි වූ ප්‍රමාණය මිලියන 25 ක් විය. තුන්වන මාසය සහ හතරවන මාසය වන විට මිලියන 38 ක් විය.


කර්මාන්තශාලා සහ ව්‍යාපාර වසාදැමීම නිසා, භෝජනශාලා සහ හෝටල් වසා දැමීම නිසා ගුවන්ගමන් නතර කිරීම නිසාත් සංචාරක නිකේතන සහ හෝටල් වසා දැමීම නිසා සහ ශරීර සම්භාහණය කරන ආයතනත්, ලියාපදිංචි ගණිකා වෘත්තිය අහිමි වූ ප්‍රමාණයන් යන සියල්ල ඇමෙරිකාවේ සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව දෛනිකව වාර්තා විණි. එරට පවතින ක්‍රමය යටතේ රැකියාවක් අහිමි වූ විගස තම පාරිතෝෂිත දීමනා ඉල්ලුම් කිරීමට සේවක සේවිකාවන්ට හැකිය.


පසුගිය සතියේ එම අංශවලින්ම වාර්ථා වූයේ නැවත රැකියා ලැබුණ ප්‍රමාණය මිලියන 10 කට ආසන්න බවයි. ජාත්‍යන්තර ගුවන්ගමන් සංගමය සඳහන් කරන්නේ ගුවන් ගමන් ක්ෂේත්‍රයේ 600,000 කට රැකියා අහිමි වී ඇති බවයි.

ඇමෙරිකාවේ AMAZON සමාගම සඳහන් කරේ පශ්චාත් කොවිඩ් 19 කාල සීමාවෙන් පසු තම සමාගම රැකියා 600,000 ක් අලුතින් ලබා දුන් බවයි. සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කිරීම පිළිබඳ ජාත්‍යන්තරව තවත් උදාහරණ සිය ගණන් ඉදිරිපත් කළ හැකිය.


ශ්‍රී ලංකාවේ සංඛ්‍යාලේඛණ කෝ..?



දෙවන කාර්තුවේ දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම සහ ධන සෘණ ප්‍රමාණය නියමිත වේලාවට ඉදිරිපත් නොකළහොත් රජය ඉදිරි තීරණ ගන්නෙ කෙසේද ? මෙම වසන්ගතයෙන් ශ්‍රී ලංකාව තුළ රැකියා අහිමි වූ ප්‍රමාණය කොපමණද යන්න කිසිවෙක් හෝ නොදනී.


විදේශයන්හි රැකියා කරනු ලැබූ ශ්‍රී ලාංකිකයන්ගෙන් කී දෙනෙකුට රැකියා අහිමි වුණා ද? මෙමඟින් කුඨුම්බයන් (පවුල්) සඳහා අහිමි වූ අදායම කොපමණද? යන කාරණා නොදැන ආර්ථිකයක් ඉදිරියට සැලසුම් කළ නොහැකිය.


මෙහිදී මූලික වශයෙන් මෙම වගකීම පැවරෙන ආයතන වන්නේ

* කම්කරු දෙපාර්තමේන්තුව
*ආයෝජණ මණ්ඩලය
*සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව
* ශ්‍රී ලංකා මහා බැංකුව
* කර්මාන්ත අමාත්‍යංශය
* රාජ්‍ය නොවෙන වානීජ සංගම්
යන ආයතනවලටයි.


අද මේ සංඛ්‍යාලේඛණ, දර්ශක නොමැතිව රජය ගමන් කරන්නේ අඳුරේය. එසේ නම් පශ්චාත් කොරෝනා ආර්ථික සංවර්ධණය වේගවත් කිරීම සඳහා හොඳ සංඛ්‍යාලේඛණ, දර්ශක සහ ප්‍රස්ථාර (Graphics ) ඇති පර්යන්තයක් ( Platform)ඇති කිරීම රජයේ වගකීම වනවා ඇත.

-සේන සූරියප්පෙරුම-
Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *