IMG-LOGO
Home පුවත් එම්.සී.සී, ඇක්සා සහ සෝෆා ගැන අධිකරණ තීරණය.

එම්.සී.සී, ඇක්සා සහ සෝෆා ගැන අධිකරණ තීරණය.

Date : 2021-Jul-13
IMG
එම්.සී.සී, ඇක්සා සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් රජය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්  බහා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයකර තිබේ.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම් බුවනෙක අලුවිහාරේ, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවා තිබුණි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ එම්.සී.සී ගිවිසුම හා ඇක්සා ගිවිසුම සම්බන්ධයෙන් පැවති  ගැටලුකාරි තත්ත්වය මේ වනවිට නිරාකරණය වී ඇති බවය.

එහෙත් "සෝෆා" ගිවිසුම අත්සන් නොකරන බවට මේ දක්වා රජයෙන් සහතිකයක් ලැබී නොමැති බව ඔහු පැවසීය.

කෙසේවෙතත්, මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ "සෝෆා" ගිවිසුම පිළිබඳව 2019න් පසුව ශ්‍රී ලංකාව සහ ඇමරිකානු පාර්ශ්වයන් අතර කිසිදු කරුණු හුවමාරුවීමක් සිදුව නොමැති බවය.
Tags: