IMG-LOGO
Home පුවත් කොතලාවල විශ්ව විද්‍යාල පනත අවුලක්ද?

කොතලාවල විශ්ව විද්‍යාල පනත අවුලක්ද?

Date : 2021-Jul-07
IMG
ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත මගින් පිහිටුවීමට යෝජනා කරන්නේ :

ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විසින් උදාර අරමුනින් රටේ සන්නද්ධ හමුදාවල කෙඩට් නිලධාරීන් හට උසස් අධ්‍යාපනය ලබා දීම උදෙසා තමන්
සතුව තිබු නිශ්චල හා චංචල දේපල ත්‍යාග ඔප්පුඅංක 1292 හා 1389 මගින් රජයට පවරමින් සිදු කර තිබුනු අරමුනු ව්‍යංගයෙන් හා කුඨ ලෙස පරාජයට පත් කිරීමට මෙම පනත මගින් කටයුතු කරනු ලබයි.
ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ පරිත්‍යාගයේ අරමුනු අනුව සකස් කොට තිබු 1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක
විශ්ව විද්‍යාල පනත මෙම නව පනත මගින් මුලුමනින්ම ඉවත් කරනු ලබයි.ඒ අනුවමෙම පනත මගින් අදාල ත්‍යාගයේ අරමුනු පරාජය කොට ඔහුගේ නිශ්චල හා චංචල දේපල අවභාවිතයට යොදවනු ලබයි.

මෙම නව පනත මගින් පිහිටුවන නව විශ්ව විද්‍යලය එයට අනන්‍යවු නෙතික පුද්ගලත්වයක් දරන එනුමුදු එය රාජ්‍ය හෝ පුද්ගලික  සමාගමක්ද යන්න සඟවා තබනු ලැබ තිබෙන ආයතනයක් වන්නේය.නව පනත එය හඳුන්වන්නේ මන්ඩලයක් (Board) ලෙසටය .එහි සංයුතිය හා ක්‍රියාකාරිත්වය දෙස බලන කල එය රාජ්‍යයෙන්ද ආධාර ලබන එනමුදු රාජ්‍ය අධිකාරියක් හරහා නියාමනය නොවන එනමුදු ආරක්ෂක ලේකම්වරයාගේ හා ත්‍රිවිධ හමුදාපති වරුන්ගේ පාලනයට යටත් අමාත්‍යවරයකුගේ අධික්ෂනයට යටත් පාර්ලිමේන්තුවට නාමිකව වාර්ථාකරන හමුදා කැඩට් නිලධාරීන්ට පමනක් නොව වෙනත් අයටත් මුදලට උපාධි පිරිනමන ආයතනයක් වන බවය.
නව පනත කියන්නේ මෙම විශ්ව විද්‍යාලය 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 'උසස් අධ්‍යාපන ආයතනය' හා ' විශ්ව විද්‍යලය' යන අර්ථ
නිරුපනයට යටත් නොවන විශ්ව විද්‍යාලයක් වන බවය.

විශ්ව විද්‍යාල පනතේ විශ්ව විද්‍යාලයක් යනු උසස් අධ්‍යාපන ආයතනයක් වන අතර එය විශ්ව විද්‍යාලයක්, මන්ඩපයක්, විවෘත  විශ්ව විද්‍යාලයක්, යුනිවර්සිටි
කොලීජියක් , උසස් අධ්‍යාපන කේන්ද්‍රයක් වන අතර එවැනි සැම ආයතනයක්ම පුර්න වශයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ නියාමනයට ලක් කරනු ලබයි. එසේම ලංකාවේ මෙතෙක් උපාධියක් පිරිනැමිය හැකිව තිබුනේ ප්‍රතිපාදන කොමිසම යටතේ නියාමනය වන උසස්
අධ්‍යාපන ආයතනයකට පමනකි.

නව පනත මගින් මෙම විශ්ව විද්‍යාලයට ගාස්තු අයකොට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියාමනයෙන් පරිභාහිරව උපාධි පිරිනැමිමට බලය දානය
කොට තිබේ.

5(ක) වගන්තිය

නව පනත මගින් මෙම විශ්ව විද්‍යාලයට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියාමනයෙන් පරිභාහිරව මහාචාර්ය, ආචාර්ය තනතුරු ඇති කිරීමට
පිරිනැමිමට බලය දානය කොට තිබේ.එසේම මෙම නව විශ්ව විද්‍යාලය කේන්ද්‍රකොට ගෙන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියාමනයෙන් පරිභාහිරව අවශ්‍යතාවය මත පීඨ, මන්ඩප,විද්‍යාල අධ්‍යාපන මධ්‍යස්ථාන  ඇති කිරීමටත් එවා මගින් උපාධි පිරිනැමීමට බලය දානය කොට තිබේ.

එසේ පිහිටුවන අධ්‍යාපන ආයතන පවත්වා ගෙන යාම සඳහා රජයේ ආයතන හා රෝහල් වල සහාය ලබාගැනීමට බලය දානය කොට තිබේ.
එසේම මෙම විශ්ව විද්‍යාල පද්ධතිය  ගොඩනැගීම සඳහා දේශීය අරමුදල් සපයා ගැනීමටද විදේශීය ආධාර මහා භාන්ඩාගාරයේ අනුමැතියෙන්
තොරව ලබා ගැනීමටද අවශ්‍ය වන්නේ නම් ත්‍යාගයක් හරහා ලැබුන කඳවල වත්ත උකස් කිරීමටද බලය දානය කොට තිබේ.එසේම විශ්ව
විද්‍යාලය සතු අරමුදල් ආයෝජනය කිරීමටද බලය දානය කොට තිබේ.
එසේම විසර්ජන පනත යටතේ වි.වි. රජයේ මුදල් වෙන්කර ගැනීම බලය දානය කොට තිබේ.
මෙම පනත මගින් දානය කරනු ලබන බලතල පාලනය හා නියාමනය කිරීමේ බලතල හිමිවන්නේ විශ්ව විද්‍යාලයේ උපකුලපති වරයා ප්‍රමුඛ
සනාථන සභාවට නොව ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සමන්විත පාලන මන්ඩලයකට වන්නේය. උපකුලපති  එම
මන්ඩලයේ එක සාමාජිකයෙක් පමනකි.එම පාලන මන්ඩලයේ බලතල අතරට;
 - ශිෂ්‍යන් බඳවා ගැනීමට
 -පාඨමාලා තීරනය කිරීමට
 - මහාචාර්ය, ආචාර්ය , කථිකාචාර්ය තනතුරු ඇතිකිරීමට අවලංගු
කිරීමට මෙන්ම අත්හිටුවීමට
 -ශිෂ්‍යත්ව, පදක්කම් හා ත්‍යාග ප්‍රධානය කිරීම යනාදී අධ්‍යන කාර්ය
පරිපාලන බලතලද හිමිකොට දී තිබේ.

ජනාධිපති වරයා වසර 3 හා උපරිමය වාර දෙකකට උපකුලපති වරයා පත්කරනුලබයි.එම උප කුලපති වරයා ලෙස ත්‍රිවිධ හමුදාවේ මේජර් ජනරාල්/
රියර් ඇඩ්මිරල්/එයාර් වයිස් මාර්ශල් තනතුරු දරන්නෙකු විය යුතු අතර ඉන් එක අයකු සේවා මාරු ක්‍රමයට පත් කරනු ලබනු ඇත. උප කුලපතිවරයා
ප්‍රධාන විධායකයාද, පරිපාලකයාද, ශ්‍රාස්ත්‍රීය නිලධාරියාද වන්නේය. නමුත්උප කුලපතිවරයා විශ්ව විද්‍යාලයේ නාමික ප්‍රධානියා පමනක් වන බව 9(2)
වගන්තිය සඳහන් කරයි.
විශ්ව විද්‍යාල සනාථන සභාවක්ද විශ්ව විද්‍යලයට පත් කරනු ඇත.රාජ්‍යයේ පාලනය සමග විශ්ව විද්‍යාලය බැඳ තබන්නේ අමාත්‍යවරයකු
යටතට පාලක මන්ඩලය බැඳතැබීම මගිනි. අමාත්‍යවරයා සිය ලිඛිත විධාන පාලක මන්ඩලයට නිකුත් කල යුතු අතර එසේ නිකුත් කොට මාස 3 තුල
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලයුතුය. පාලක මන්ඩලය වාර්ශික මුදල් වාර්තාව අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුව තිබේ.

නිරීක්ෂන:

රාජ්‍ය පාලනයට අදාලව:

රජයේ ආයෝජනයක්ද පුද්ගලික ආයෝජනයන්ටද විවෟත ආදායම් උපදවන
මිලිටරි පාලනයට යටත් අධ්‍යාපන ආයතනයක් වන්නේය.
විශ්ව විද්‍යාල සම්බන්ධ  අධ්‍යන අනධ්‍යන හා පරිපාලන කාර්යමන්ඩලයන්හි වැටුප් ගෙවීම පිලිබඳව ප්‍රතිපාදන සඳහනක් නැත.රජයේ වැටුප් ලබන නිලධාරීන් පාලනයට සම්බන්ධවී  ආදායම් උපදවන ව්‍යවසායක් පවත්වාෙගන යාමතුල රජ්‍ය නිලධාරීන්ට අදාල ආයතනික සංග්‍රහය  බලපවත්නේ කෙසේද යන්න පිලිබඳව පවතින්නේ අවිනිශ්චිත බවකි.
රජයේ ආයෝජනය සහිත ලාබ ලබන ව්‍යාපෘතියක් වුවද විගණකාධිපතිවරයාගේ කාර්ය භාරයද , පාර්ලිමේන්තුවට වාර්ෂික වාර්තාවක්
පිලිගන්වන්නේ වුවද පාර්ලිමේන්තු මුල්‍ය අධික්ෂනයට යටත්වන්නේද නැද්ද යන්න පිලිබඳව පවතින්නේ අපහැදිලි බවකි.
එසේම අමාත්‍යවරයාගේ විධාන ගැසට් ගත කොට මාස 3 කට පසුව පාර්ලිමේන්තුව අනුමත නොකලහොත් එම විධාන එසේම බලාත්මක බව
පැවසීම විධායක ක්‍රියාවක් ව්‍යවස්ථාදායකයේ අධික්ෂනයෙන්  පරිබාහිර කිරීමකි.

උසස් අධ්‍යාපනය:

විශ්ව විද්‍යාලයට හමුදා කෙඩට් වරුන් හැරුන කොට වෙනත් අය බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය විශ්ව විද්‍යාල  ප්‍රතිපාදන කොමිසම පිලිගත් ක්‍රියාපටිපාටියෙන් බැහැර කිරීම ( රාජ්‍ය ආයෝජනය සහිත විශ්ව විද්‍යාල නිසා) ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝනය කිරීමකි.

පොදු මුල්‍ය ආයෝජනයක් සහිත විශ්වවිද්‍යාලයක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියාමනයෙන්  බැහැර කිරීම විශ්ව විද්‍යාල පනතේ සඳහන්
බලතල උල්ලංඝනය කිරීමක් වන්නේය.

විශ්වවිද්‍යාල පනතේ දැක්වෙන උසස් අධ්‍යාපන ආයතනයක් සහ විශ්වවිද්‍යාලයක් යන අර්ථනිරුපනයට පරිබාහිරව මිලිටරි පාලනයට යටත් රාජ්‍ය
විශ්ව විද්‍යාල පද්ධතියට  සමාන්තර පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල කේන්ද්‍ර කොට ගෙන ගොඩනැගිම
තුලින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI පරිච්ඡේදය මගින් දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහයවන මුලධර්ම සහ මුලික යුතුකම් යටතේ 27(1)(ඌ)
වගන්ති යටතේ සියලු තැනැත්තන්ට අධ්‍යාපනයේ සැම අවස්ථාවකදීම  සර්වසාධාරන හා සමාන ඉඩප්‍රස්තා ලබා ගැනීමේ අයිතිය සහතික කිරීමට රාජ්‍ය
සතු වගකීම පැහැර හැරීමකි.

ප්‍රතිපාදන කොමිසමේ නියාමනයට යටත් නොවන අධ්‍යන පරිපාලනය මිලිටරි පාලන මන්ඩලයක් මගින් සිදුවන හා නාමික උපකුලපතිවරයකු හා නාමික
සනාථන සභාවක් සහිත විශ්ව විද්‍යාලයක් මගින මහාචාර්යවරුන් සහායක මහාචාර්යවරුන් හා ආචාර්ය වරුන් නිර්මානය කිරීම රටේ බුද්ධිය නිර්මාණය කිරීමේ ප්‍රමිතිය අයාලේ යැවීමක් හා වෟත්තීය ගෞරවය පහල දැමීමක් වන අතරම එම ක්‍රියාව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (උ)
වගන්තිය මගින්තහවුරු කර ඇති එකලාව හෝ අන්අය සමග යම් නීත්‍යානුකුල රැකියාවක වෟත්තියක නියුක්තවිමේ නිදහස උල්ලංඝණය
කිරීමකි.

දේශපාලනික:

රාජ්‍ය නියාමනයකින් තොරව පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම රටේ උසස්
අධ්‍යාපන ප්‍රමිතියට බරපතල තර්ජනයක් එල්ල කරනු ලබයි.

පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතිය  මිලිටරි පාලනයක් යටතේ ගොඩනැගීම හා එම විශ්ව විද්‍යාලයට අධ්‍යාපනය ලබා දීමෙන්  පරිබාහිර වු ආයෝජකයකු ලෙස ක්‍රියා කරන්නට බලය දානය කිරීම රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට මිලිටරි ආර්ථිකයේ බලපැම එක් කිරීමක් වන අතර මෙතෙක් තිබු රාජ්‍ය උසස් අධ්‍යාපනයේ ඒකාධිකාරිය බිඳ දමා පෞද්ගලික විශ්ව විද්‍යාල අභිබවා අධ්‍යාපනයට මිලිටරිය කැඳවීමකි

Tags: