IMG-LOGO
Home පුවත් විනිසුරුවරු ඉල්ලා අස්වන්නේ ඇයි?

විනිසුරුවරු ඉල්ලා අස්වන්නේ ඇයි?

Date : 2021-Jul-05
IMG
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලේ සිව්වෙනි වතාවටත් තවත් විනිසුරුවරයෙකු අද ඉවත් වී තිබෙනවා.

මෙලෙස ඉවත්වී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතායි.

මීට පෙර විනිසුරු ජනක් ද සිල්වා, විනිසුරු යසන්ත කොඩගොඩ සහ විනිසුරු ඒ.එච්.එම්. නවාස් යන මහත්වරු මෙම පෙත්සම් සලකා බලන අවස්ථාවේදීම ඉන් ඉවත්ව තිබුණා.

තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.
Tags: