IMG-LOGO
Home පුවත් නව නීති කෙටුම්පත් සම්පාදක පත්කෙරේ.

නව නීති කෙටුම්පත් සම්පාදක පත්කෙරේ.

Date : 2021-Jul-02
IMG
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවෙන් නීති කෙටුම්පත් සම්පාදක ධූරය සඳහා නීතිඥ එස්.ඒ දිල්රුක්ෂි මහත්මිය පත්කර තිබේ.
අදාළ පත්කිරිරීම අමාත්‍ය මණ්ඩලය විසින් සිදුකළ බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.
ඇය මීට පෙර  නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ අතිරේක නීති කෙටුම්පත් සම්පාදක ලෙස කටයුතු  කර තිබේ.

නව නීති හා පවත්නා නීති සංශෝධනය කිරීමේ නීති කෙටුම්පත් කිරීම භාෂා ත්‍රිත්වයෙන් සිදුකිරීම, එම නීති සඳහා අරමුණු සහ හේතු පිළිබඳ ප්‍රකාශ සැකසීම, අදාළ අමාත්‍යාංශය හෝ අධිකාරිය මඟින් ඉදිරිපත් කෙරෙන උපකාරක නීති ප්‍රතිශෝධනය කිරීම, පනත් කෙටුම්පත් සම්බන්ධව විවාද පවත්වන අවස්ථාවලදී පාර්ලිමේන්තුවට පැමිණ සිටීම හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවල පනත් කෙටුම්පත් සම්බන්ධව සාකච්ඡා කරනු ලබන අවස්ථාවල දී පාර්ලිමේන්තු තේරීම් කාරක සභා රැස්වීම්වලට සහභාගී වීම නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයවේ.
Tags: