IMG-LOGO
Home පුවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය

Date : 2021-Jun-18
IMG
ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කොවිඩ් ප්‍රභේදය (ඩෙල්ටා) කොළඹ ප්‍රජාවගෙන් ලබාගත් ජෛව සාම්පලයකින් හඳුනාගෙන තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඒ බව පවසයි.
එම කොවිඩ් ප්‍රභේදය මෙරට සමාජය තුළින් හඳුනාගත් පළමු අවස්ථාව ද මෙය වනවා.
පනවා ඇති සංචරණ සීමාවලින් ඉවත්වීමට අදාළ ක්‍රමෝපායක් සකස් කර ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඒ බව සඳහන් කළේ  මාධ්‍ය හමුවකදීය.
"සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරියේදී සංචරණ සීමාවලින් ඉවත්වීමට ක්‍රමෝපායක් සකස් කරන්න පියවර අරගෙන තියෙනවා. ඒක ඉදිරියේදී ප්‍රකාශයට පත් කරයි. එහිදීත් අපි බලාපොරොත්තුවන්නේ නීතියෙන් කරනවාට වඩා ජනතාව මේකෙ වගකීම භාරගෙන අපි විසින්ම අපේ සංචරණ සීමා ආරක්ෂා කරගැනීම. එහෙම නැතුව මුර කිරීමේ ක්‍රියාවලිය මේකට සාර්ථක වන්නේ නෑ. ඒ වගේම මුර කිරීමේ ක්‍රියාවලියේ බර වුණත් සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙන්න එපා. අනෙකුත් ආයතන මේකෙ වගකීම භාරගත යුතුයි. දෝෂ දර්ශන පමණක් සෞඛ්‍ය සේවයට එල්ල වුණොත් සෞඛ්‍ය සේවකයින් මේ දක්වා කරපු කැපකිරීම්වලටත් ඒක හොඳ නෑ.
Tags: