IMG-LOGO
Home පුවත් කොවිඩ්

කොවිඩ්

Date : 2021-Jun-12
IMG
දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව එම සංචරණ සීමා එළඹෙන 14 වනදා ඉවත් නොකෙරෙන අතර එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇත.
කොවිඩ් රෝගීන්ගෙන් අයි.ඩී.එච් රෝහල පිරී ගොස් ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය.
රෝහලේ කොවිඩ් ආසාදිතයන් 160 දෙනෙකු මේවනවිට ප්‍රතිකාර ලබන බවද ඔහු සඳහන් කළේය .
රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන් අට දෙනකුට ප්‍රතිකාර ලබා දිය හැකි වන අතර එම සියලුම ඇඳන් මේ වනවිට පිරී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
කොරෝනා ආසාදනයවී බරපතළ සංකූලතා සහිත අයට ප්‍රතිකාර ලබා දෙන්නේ කොළඹ අයි ඩී එච් රෝහලෙනි.
කිසියම් තදබදකාරී තත්වයක් මතු වී තිබුණද සියලු දේ කළමනාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු පවත්වාගෙන යන බව එහි අධ්‍යක්ෂවරයා කීය .
රෝහලේ ඔක්සිජන් ප්‍රශ්නයද විසඳාගෙන ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
Tags: