IMG-LOGO
Home පුවත් පෝට්සිටියේ ආයෝජන කරන්න,රටවල් 65කින් ඉල්ලයි.

පෝට්සිටියේ ආයෝජන කරන්න,රටවල් 65කින් ඉල්ලයි.

Date : 2021-Jun-08
IMG
ලංකාව තුල නව ආයෝජන සිදුකරමින් පරිවර්තනීය වෙනසකට දායක වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෝලීය ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා ඉන්වෙස්ට් ෆෝරම් 2021 ආයෝජන සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකර ඇත.
සමුළුව සඳහා රටවල් 65ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
එය ලබන 09 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ලංකා වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ එක්ව මෙම ශ්‍රී ලංකා ඉන්වෙස්ට් ෆෝරම් 2021 ආයෝජන සමුළුව සංවිධානය කර ඇත.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,
“දැනට අප ළඟා කරගෙන සිටින ආර්ථික වර්ධනය දෙගුණ කරගනිමින් 2030 වර්ෂය වනවිට අපගේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් 8,000 ක් දක්වා වර්ධනය කරගැනීමේ ඉලක්ක සහගත සැලැස්මක් මගේ රජයට තිබෙනවා. අප නිලධාරීවාදයේ අනවශ්‍ය බාධාවන් ඉවත් කළා. ක්‍රමවේද ශක්තිමත් කරමින් ව්‍යාපාර කටයුතු පහසු කරන්න පියවර ගත්තා. දෙස් විදෙස් ආයෝජකයන්ට වටිනා ප්‍රතිලාභ ළඟා කරගත හැකි ව්‍යාපාර ක්ෂේත්‍ර අවස්ථා රැසක් ශ්‍රී ලංකාව සතුව පවතිනවා. අපගේ දැක්ම, වේගවත් දියුණුවක් අත්පත් කරගනිමින් සිටින අප කලාපයේ ප්‍රමුඛ සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට කොළඹ වරාය නගරය පත්කිරීමයි. ඒ සඳහා ඉඩ සලසන නීති සම්පාදන කටයුතු අප දැනටමත් සිදුකර අවසන්. එහි ව්‍යාපාර කටයුතු සඳහා වන විශේෂ දිරිදීම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මෙහි ආයෝජනය කරමින් මෙම වටිනා අවස්ථාවෙන් උපරිම පළ නෙලා ගැනීමට අප සියලු රටවල ව්‍යාපාර නායකයන්ව දිරි ගන්වනවා. එම කටයුතු පහසුකරන නීතිමය කටයුතු අපි සිදු කරනවා. මම ඔබට ඇරයුම් කරනවා ශ්‍රී ලංකාවේ ආයෝජනය කරමින් මේ පරිවර්තනීය ගමනට අපත් එක්ක එක්වෙන්න කියලා.”
Tags: