IMG-LOGO
Home පුවත් එන්නත්කරණය දුමින්ද දකින හැටි.

එන්නත්කරණය දුමින්ද දකින හැටි.

Date : 2021-Jun-06
IMG
රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දැඩි කලකිරීමෙන් යුතුව මේ දිනවල පසුවන බව දැනගන්නට ඇත. මේ කලකිරීම අමාත්‍යවරයා ප්‍රසිද්ධියේම සිය ප්‍රදේශයේ පැවැති වැඩසටහනකදී ප්‍රකාශයට පත් කොට ඇත.
එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ එන්නත්කරණ වැඩසටහනට දේශපාලකයන් සම්බන්ධ වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තමන්ටද දැඩි විවේචනයක් පවතින බවත්ය.
ඇතැමුන් නූගත්කමට නොදන්නා කමට හෝ ලකුණු දාගන්න සිදු කරන වැඩවලින් ආණ්ඩුව අපහසුතාවට පත්වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා තමන් කිසිදු අවස්ථාවක එන්නත්කරණ වැඩසටහනට මැදිහත් නොවන බවත්, එය පළාතේ සෞඛ්‍ය අධිකාරිය විසින් සිදු කරනු ඇති බවත් කියා සිටියේය.
Tags: