IMG-LOGO
Home පුවත් පොහොර හිඟය මැද ලේකම් ඉල්ලා අස්වෙයි.

පොහොර හිඟය මැද ලේකම් ඉල්ලා අස්වෙයි.

Date : 2021-Jun-06
IMG
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා යටතේ පවතින කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේ්කම් එම්.බී. රෝහණ පුෂ්පකුමාර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති බව වාර්තා වේ.
පසුගිය 4 වන දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඒ මහතා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත  යොමු කර ඇති බවද දැනගන්නට තිබේ.
මේ දිනවල රට ඇතුළේ මතුව ඇති පොහොර හිගය ඇතුළු කරුණු ගණනාවක් මේ සදහා බලපා ඇති බවද දැනගන්නට ඇත.
මේ වනවිට රාජ්‍ය සේවය තුළ පුෂ්පකුමාර මහතාගේ ඉල්ලා අස්වීම ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති ආකාරයක්ද දැකගන්නට ඇත.
මේ අතර පසුගිය පෙබරවාරි මාසයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතාද මෙලෙසම ඉල්ලා අස් විය.
Tags: