IMG-LOGO
Home පුවත් එක්ස්ප්‍රස් පර්ල් අයිති වරාය අධිකාරියට.

එක්ස්ප්‍රස් පර්ල් අයිති වරාය අධිකාරියට.

Date : 2021-Jun-06
IMG
කොළඹ වරාය ආසන්නයේදී ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සම්පූර්ණ අයිතිය මේ වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.
එම නිසා නෞකාවට අයිතිවාසිකම් කීමට වෙනත් කිසිදු පාර්ශ්වයකට නොහැකි බවයි පැවති මාධ්‍ය හමුවකදී දිසානායක මහතා සඳහන් කළේ.
නෞකාවේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා දැරීමට සිදු වූ පිරිවැය සහ මෙම සිදුවීම හේතුවෙන් සාගර පරිසර පද්ධතියට සිදු වූ හානිය පිළිබඳව තවමත් තක්සේරු කර අවසන් වී නොමැති බව පෙන්වා දෙන එස්.බී. දිසානායක මහතා පවසන්නේ එම තක්සේරුව අවසන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට විශාල වන්දියක් හිමිවනු ඇති බවයි.
එම වන්දි මුදලට සම්පූර්ණ හිමිකම් කියන්නෙ ශ්‍රී ලංකා වරාය අධිකාරිය බවත්, වෙනත් කිසිදු පාර්ශ්වයකට ඒ සඳහා හිමිකම් කීමට අයිතියක් නොමැති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසනවා. ගින්න නිවා දැමීම සඳහා සහාය දුන් ඉන්දියාව ඇතුළු රටවලට, වෙනත් ආයතනවලට ගෙවීම් සිදු කරන්නේද ශ්‍රී ලංකාව විසින් බව දිසානායක මහතා සඳහන් කරනවා.
Tags: