IMG-LOGO
Home පුවත් මහජන ආරක්ෂක ඇමැතිගේ කාර්‍යභාරය.

මහජන ආරක්ෂක ඇමැතිගේ කාර්‍යභාරය.

Date : 2021-Jun-05
IMG
නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලි ඇතුලු පිරිස නිරෝධායනය සදහා රැගෙනයමින් සිටි බස් රථය ආපසු හරවා පැමිණෙන්නැයි උපදෙස් දුන් බවට අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට එල්ලවී ඇති චෝදනාව පිළිබද කරුණු පැහැදිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පියුමි හංසමාලි සහ රූපලාවන්‍ය ශිල්පී චන්දමාල් ජයසිංහ දුරකථන ඇමතුමක් මගින් තමන්ගෙන් කළ ඉල්ලීමක් සානුකම්පිතව සළකා බලා එම ඉල්ලීම පිළිබදව පොලිස්පතිවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත අවශ්‍ය උපදෙස් ලබාදීමක් පමණක් අමාත්‍ය වරයා විසින් සිදුකර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
පෙර දැනුම්දීමකින් තොරව නිරෝධායනය සදහා රැගෙන යන බැවින් අමතර ඇදුම් ආදිය රැගෙනයාමට අවස්ථාවක් ලබාදෙන්නැයි පියුමි හංසමාලි ඇතුලු පිරිසගේ ඉල්ලීම වූ බවත් එම ඉල්ලීමට අවශ්‍ය උපදෙස් පොලිස් නිළධාරින් වෙත ලබාදුන්නා මිස වෙනත් කිසිදු උපදෙසක් සරත් වීරසේකර අමාත්‍යවරයා විසින් ලබා නොදුන් බවත් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සදහන්.
එබැවින් පියුමි හංසමාලි ඇතුලු පිරිස නිරෝධායනය සදහා රැගෙනයමින් සිටි බස් රථය ආපසු හරවීම සදහා සරත් වීරසේකර මහතා විසින් පොලිසියට නියෝග කළ බවට විවිධ පාර්ෂව එල්ලකරන චෝදනාව අසත්‍යයක් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරනවා.  
සංචරණ නීති සහ නිරෝධායන නීති කඩකරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් සංවිධාන කළ උපන්දින සාදයට නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි ඇතුලු පිරිස පැමිණෙන ආකාරය දැක්වෙන CCTV දර්ශණ මේවනවිට මාධ්‍ය වෙත  නිකුත්වී තිබෙනවා.
Tags: