IMG-LOGO
Home පුවත් සයිබර් ආරක්ෂණය

සයිබර් ආරක්ෂණය

Date : 2021-Jun-04
IMG
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල වෙබ් අඩවිය හදිසි ‘හැකර්’ ප්‍රහාරයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනාවරණය කොට ඇත.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මගින් මේ බව අනාවරණය කොට ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය වන www.mahindarajapaksa.lk යන වෙබ් අඩවියට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීමක් නොහොත් URL redirect වීමක් සිදුවී තිබේ.

එම හරවා යැවෙන ව්‍යාජ වෙබ් පිටුවෙහි Bitcoin සම්බන්ධයෙන් වන අන්තර්ගතයක් පැවති අතර එම අන්තර්ගතය හරහා තවත් වෙබ් පිටුවකට පිවිසිය හැකි අතර එහිදී සයිබර් ප්‍රහාරකයන් විසින් යොදාගනු ලබන මෘදුකාංග කිහිපයක් ස්වයංක්‍රීයව පරිගණකයට හෝ ජංගම දුරකතනයට භාගත වීමක් සිදුවූ බවක් හදුනාගැනීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිව තිබේ.
සයිබර් ආරක්ෂණය පිලිබඳ පනත් කෙටුම්පතක් පසුගිය රජය සකස් කර තිබිණි.එය කඩිනමින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර සම්මත කර ගැනීම වැදගත්.
මේ අතර ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
Tags: