IMG-LOGO
Home පුවත් කාබනික පොහොර යනු චීනයේ නාගරික කසලද?

කාබනික පොහොර යනු චීනයේ නාගරික කසලද?

Date : 2021-May-31
IMG
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ක‍්‍රියාත්මක කරන කාබනික පොහොර ව්‍යාපෘතිය හරහා චීනයේ නාගරික කසල ලංකාවට ගෙන්වීමට නියමිතව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසුවේය.
ප‍්‍රවෘත්ති සාකච්ඡවකදී ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.

චීනයේ නාගරික කසල බැහැර කරලා ඒ කන්ටේනර උඩට යූරියා දාලා නයිට‍්‍රජනත් තිබෙන බව පෙන්නලා බොහෝ රටවලට යවනවා. ගොවියාට කාබනික පොහොර දීම පිටුපස තවත් හොර ජාවාරමක් පටන් අරගෙන තියෙනවා.
පරිසරයට උචිත නැති, පසට උචිත නැති දේවල් කාබනික පොහොර ගෙන්වීමට තමයි මේ උත්සාහ කරන්නේ. කාබනික පොහොර ආනයනය කියලා චීනයෙන් හරි වෙනත් රටකින් බැහැර කරන කසල ගෙන්වීම අනුමත කරන්න බැහැ. මේ අපරාධය කරන්න එපා. රසායනික පොහොරවලින් වන විනාශයට නොදෙවනි විනාශයක් එයින් වෙනවා.

තමන්ගේ හිතවතුන් දාලා පොහොර ආනයනය කරන්න දීලා ව්‍යාපාර කරන අතරේම පරිසරයට හානි දේ ආනයනය කරනවා. කාබනික පොහොර නියමිත ප‍්‍රමිතීන්ට අනුව ලංකාවේ නිශ්පාදනය කරන්න.
කාබනික පොහොර ගැන ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා. මේකට කවුද පත් කරලා තියෙන්නේ. දෙරණ රූපවාහිනී ජාලයේ සභාපති දිලිත් ජයවීරත් මේකට දාලා තියෙනවා.
ලොව උසස්ම ගණයේ කාබනික පොහොර ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.

රසායනික පොහොර තහනමට සමගාමීව, කාබනික පොහොර ආනයනය සදහා වන යෝජනාව අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ.
කිසිදු  පොහොර හිඟයක් ඇති නොවන බවත් එහෙයින් ගොවීන් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගත යුතු බවත් ඒ මහතා අවධාරණය කර සිටිනවා.
Tags: