IMG-LOGO
Home පුවත් ඉන්න හිතෙන රටක්! පුදුම හිතෙන වැඩක්!!

ඉන්න හිතෙන රටක්! පුදුම හිතෙන වැඩක්!!

Date : 2021-May-31
IMG
ෆින්ලන්ත අගමැතිනිය වන සන්නා මැරින් මහත්මිය සහ පවුලේ අය රජයේ වියදමින් උදෑසන ආහාරය ගැනීම ගැන පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇත.
මාසයක් පුරා රජයේ මුදල් වියදම් කරමින් මෙම ආහාර ගැනීම සිදු කර ඇති බවට හෙළි කරගෙන තිබේ.
අවභාවිත කර ඇති මුදලේ වටිනාකම ඩොලර් 365 කි. ( ශ්‍රී ලංකා රුපියල් 72,431 කි)
ඇගේ නිල නිවසේ දී ගත් ආහාර සඳහා මෙසේ යුරෝ 300 ක් හෙවත් ඇමරිකන් ඩොලර් 365 ක් රජයේ මුදලින් ගෙවීමට කටයුතු කර ඇත.
නීති විශාරදයන් පෙන්වා දෙන්නේ බදු ගෙවන්නන්ගේ මුදල් මෙසේ අගමැතිනියගේ ආහාර සඳහා වැය කිරීම සම්පූර්ණයෙන් ම නීති විරෝධි බවයි.
ඇය මෙම මුදල යළි රජයට ගෙවීම අනිවාර්යය වන අතර, වෙනත් දඩුවම් පිළිබඳව නඩු විභාගයකදී තීරණය කරනු ඇත.
ලොව ළාබාලතම අගමැතිවරිය වශයෙන් සැලකෙන්නේද පින්ලන්ත අගමැතිවරියයි.
Tags: