IMG-LOGO
Home පුවත් නව නීතිපති.

නව නීතිපති.

Date : 2021-May-27
IMG

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා නව නීතිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩුවූ නීතිපති ධූරය සඳහායි.

ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මෙරට 48 වන නීතිපතිවරයායි.

නීතිපති දෙපාර්ත්තමේන්තුවේ වසර 34ක සේවා කාලයක් සපුරා ඇති ඔහු රජයේ ජේෂ්ඨ අධිනීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සහ වැඩබලන සොලිසිටර් ජනරාල් යන ධුරයන් හොබවා තිබෙනවා.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති ඔහු ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා ගෙන තිබෙනවා.

2014 වසරේ නොවැම්බර් මාසයේදී ජනාධිපති නීතිඥවරයෙක් ලෙස දිවුරුම් දුන් ඔහු සිවිල් හා අපරාධ නීති අංශ පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති අයෙක්.   

 ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍යය බුද්ධි ඒකකය ඇතුළු රජයේ ආයතන කිහිපයකම උපදේශක ධුරය හෙබ වූ සංජය රාජරත්නම් ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සහ නීති අධ්‍යාපන කවුන්සිලයේ ද සාමාජිකයෙකු වනවා.

ඔහු ජනාධිපති නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන්නේ 2014 නොවැම්බර් මාසයේදී ය.


Tags: