IMG-LOGO
Home පුවත් ග්‍රාම නිළධාරිනියට පහරදුන් මන්ත්‍රීවරියට මොකද වුණේ

ග්‍රාම නිළධාරිනියට පහරදුන් මන්ත්‍රීවරියට මොකද වුණේ

Date : 2021-May-19
IMG
ග‍්‍රාම නිලධාරිනියකට පහර දුන් බවට චෝදනා එල්ල වී තිබෙන උකුවෙල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එරන්දිකා කුමාරි මහත්මියගේ පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.
අදාල සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වා තීරණයක් ගන්නා තෙක් පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවන බවත් නැවත දැනුම් දෙනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කිසිදු කටයුත්තකට සම්බන්ධ වීමේ හිමිකම් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මන්ත‍්‍රීවරියට ලිඛිතව දැනුම් දී තිබේ.
‘කොවිඞ්’ වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැළසීමේ කටයුතුවල නිරතව සිටි රජයේ නිලධාරිනියකට පහර දුන් බවට ඇයට චෝදනා එල්ල වී ඇති බවත් මහජන නියෝජිතයන්ගෙන් ඉහළ විනයක් බලාපොරොත්තු වන බවත් චෝදනාලාභී මන්ත‍්‍රීවරියට පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා දැනුම් දී තිබේ.
Tags: