IMG-LOGO
Home පුවත් සංචාරක පනත අහෝසියි.ආයතන හතරක් එකට.

සංචාරක පනත අහෝසියි.ආයතන හතරක් එකට.

Date : 2021-Apr-06
IMG
2005 අංක 38 දරන සංචාරක කටයුතු පනත අහෝසි කර නව සංචාරක කටයුතු පනතක් පැනවීම සඳහා,පනතක් කෙටුම්පත් කිරීමට සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඒ අනුව සංචාරක අංශයේ ප්‍රධාන ආයතන 04 ඒකාබද්ධ කරමින් ‘ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය නමින් නව අධිකාරියක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

2005 අංක 38 දරන සංචාරක පනතේ විධිවිධාන අනුව සමස්ත සංචාරක අංශය ප්‍රධාන ආයතන 04කට බෙදා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය ස්ථාපිත කර ඇත.

එහෙත් සමස්ත සංචාරක අංශය ආයතන 04කට බෙදා තිබීම හේතුවෙන් එම ආයතන සම්බන්ධීකරණය කිරීමේදී ගැටලු පැන නැගීම හා සම්පත් නාස්තිය වැනි අයහපත් බලපෑම් සිදු වන බව පෙනී ගොස් තිබේ.

ඒ අනුව, සංචාරක කර්මාන්තයේ තිරසර සංවර්ධනය සහතික කිරීම සඳහා මෙම ආයතන 04 ඒකාබද්ධ කිරීමට තීරණය ගෙන ඇත.


Tags: