IMG-LOGO
Home පුවත් අන්තවාදයට පිළිතුර අධ්‍යාපනය, සංහිඳියාව, සහජීවනය සහ සමානාත්මතාවය.

අන්තවාදයට පිළිතුර අධ්‍යාපනය, සංහිඳියාව, සහජීවනය සහ සමානාත්මතාවය.

Date : 2021-Mar-22
IMG
පසුගිය  මාර්තු 12දා ඉතාම භයානක ගැසට් නිවේදනයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කර තිබේ.ඒ  අනුව යම්කිසි පුද්ගලයෙක් අන්තවාදී අදහස් දරන බව  පොලිසිය හෝ ආණ්ඩුව සිතන්නේ  නම් පුනරුත්ථාපනය කිරීම සඳහා වසරක කාලයක් රඳවා තබා ගත හැකි බව ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.. 

ඉන්පසු  අවශ්‍ය නම් නඩු පැවරීමකින් තොරව  තවත් මාස හය බැගින් දෙවරක් පුනරුත්ථාපනය කල හැක.මෙය සිදුවන්නේ  උසාවි තීන්දුවකින් තොරවයි. ජනතා විමුක්ති පෙරමුණ වශයෙන්  ජාතික අන්තවාදයට, ආගමික අන්තවාදයට සහ අනෙක් ඕනෑම අන්තවාදයකට විරුද්ධයි. අන්තවාදය නැති කරන්න හැකියාව තියෙන්නේ අධ්‍යාපනය, සංහිඳියාව, සහජීවනය සහ සමානාත්මතාවය ඇති කිරීමෙනි. 

ඒ තත්වය තුළ යම් කණ්ඩායමක් අන්තවාදය පතුරුවනවා නම් ඔවුන් හුදකලා කර  නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය. එසේ  නොකර අන්තවාදයට තවත් අන්තවාදයකින් උත්තර දෙන්න ගියොත් මුළු ප්‍රජාවක්ම විනාශයට යන්න පුළුවන්. නමුත් මේ ගැසට් එකෙන් ආණ්ඩුවට විරුද්ධ යැයි හැඟෙන ඕනෑම අයෙක් අන්තවාදියෙක් කරන්න පුළුවන්. ජනාධිපතිවරයා ලංකාගමට ගිය අවස්ථාවේ “පරිසර අන්තවාදීන් එක්ක මුකුත් කරන්න බැහැ.” කිව්වා. මේ ගැසට් එකට අනුව මේ පරිසර අන්තවාදය කියලා ආණ්ඩුව හිතන අයවත් අවුරුදු දෙකක් පුනරුත්ථාපනයට යවන්න පුළුවන්. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බොහෝ දෙනෙකුට නඩු පවරලා තියෙන්නේ වෙනත් කරුණු සම්බන්ධයෙන්. මෙයින් පැහැදිලි වෙන්නේ ආණ්ඩුවේ ඇත්ත උවමනාව ඔවුන්ට විරුද්ධව කතා කරන පුද්ගලයන් දඩයම් කරන එක බවයි. මේ ගැසට් එක ඉතාම භයානක අන්තවාදය වැඩිකරන එකක්. කෙනෙක් අන්තවාදීද නැද්ද කියලා තීරණය කරන්න ආණ්ඩුවට මොන අයිතියක්ද තියෙන්නේ. මැති ඇමතිවරු තරම් අන්තවාදී අදහස් වෙන අය කියන්නේ නැහැ. දොස්තර සාෆි කාන්තාවන් 4000ක් වඳ කළා කියලා මොනතරම් ප්‍රචාරය කළාද? දැන් ඒකට වෙලාතියෙන්නේ මොනවාද? පාස්කු කොමිසමේ වාර්තාවෙත් ඒ ගැන නැහැ. අන්තවාදී අදහස් පතුරපු පුද්ගලයන්ට මොකුත් වෙන්නේ නැහැ. කෙනෙක්ගේ අදහස් අන්තවාදීද නැද්ද කියලා තීන්දු කරන එක දැන්මේ දුර්වල කර තිබෙන අධිකරණයට හරි බාරදෙන්න. ලංකාවට විරුද්ධව ගෙනඑන යෝජනාවලියේ තියෙන්නේ මේ වගේ කරුණු. 
Tags: