IMG-LOGO
Home පුවත් පොලිසිය අලුත් වෙයි.

පොලිසිය අලුත් වෙයි.

Date : 2021-Mar-09
IMG
ශ්‍රී ලංකා පොලීසිය නව්‍යකරණය කිරීමට හා එය ක්‍රියාවට නැංවීම සඳහා ව්‍යාපෘතියක් සැලසුම් කිරීමට කමිටුවක් පත්කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව  තිබේ.

ඒ අනුව මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව  ඇති බව සදහන් .

එහිදී දැනට අනුගමනය කරනු ලබන සාම්ප්‍රදායික ක්‍රමවේද වෙනසකට ලක්කරමින් ශ්‍රී ලංකා පොලීසිය නව්‍යකරණය කිරීමට  නියමිතයි .ඒ යටතේ නවීන ක්‍රමවේදයන්ට අනුව රථවාහන හැසිරවීමේ ක්‍රියාවලිය ඵලදායි හා කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවයද හඳුනාගෙන  තිබේ.

විශේෂයෙන්ම නාගරික ප්‍රදේශයන්හි පවත්නා මාර්ග තදබදය අවම කිරීම සඳහා ඩිජිටල්කරණ විසඳුම් හඳුන්වා දීම තුළින් පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ කටයුතු කාර්යක්ෂම කිරීම කෙරෙහි ද මෙහිදී ප්‍රමුඛතාවය  හිමව ඇත.
Tags: