කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ කාන්තා ව්‍යවසායකයන්ට ආධාර කිරීම සඳහා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 40ක (රුපියල් කෝටි 760ක) ණය මුදලක් ලබාදී ඇත.
මෙරට වාණිජ බැංකුවක් හරහා එම ණය මුදල සහන පොලියකට නිකුත් කෙරෙන බවද කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
එක්සත් ජනපද රජයේ සංවර්ධන බැංකුව වන එක්සත් ජනපද අන්තර් ජාතික සංවර්ධන මූල්‍ය සංස්ථාව විසින් මෙම ණය මුදල නිකුත් කරනු ලබයි. මෙවැනි සහන ණය මුදල් හරහා ඉන්දු පැසිෆික් කලාපය ඇතුළුව සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන අතිශය තීරණාත්මක අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා එක්සත් ජනපදය සහාය දක්වන බවද තානාපති කාර්යාලය සඳහන් කරයි.
දළ වශයෙන් ව්‍යවසායකයන් 1450 දෙනකු අතර මෙම ඩොලර් මිලියන 40ක ණය මුදල බෙදා හැරීමට යෝජිතය. එහිදී එක් ව්‍යවසායකයකුට රුපියල් මිලියන 5 සිට (ලක්ෂ 50) මිලියන 10 (ලක්ෂ 100) දක්වා වූ ණය නිකුත් කෙරෙනු ඇත.එසේම ණය ලබා ගන්නා ව්‍යවසායකයන් අතුරින් 40%ක් අවම තරමින් කාන්තාවන් වනු ඇතැයිද තානාපති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
බලශක්ති,සෞඛ්‍ය හා තාක්‍ෂණික අංශයන්හි ලොවපුරා ආයෝජන සිදුකරන ප්‍රධාන පෙළේ ආයතනයක් වන එක්සත් ජනපද අන්තර් ජාතික සංවර්ධිත මූල්‍ය සංස්ථාව 2019 වසරේ ආරම්භ කර ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන පළමු අවස්ථාව මෙයයි.