IMG-LOGO
Home පුවත් ඉන්දියාවේ 72 වන ජනරජ දිනය.

ඉන්දියාවේ 72 වන ජනරජ දිනය.

Date : 2021-Jan-26
IMG
ඉන්දියාවේ 72 වන ජනරජ දිනය නිමිත්තෙන්‌ ශ්‍රී  ලංකාවේ මිත්‍රශිලී ජනතාවටත්‌ මෙම සුන්දර දිවයිනෙහි ජීවත්‌ වන සියලු
ඉන්දියානුවන්ටත්‌ මාගේ උණුසුම් සුභාශිංසන පිරිනමමි. නව ස්වාධීන ඉන්දියාවක්‌ බිහි කරමින්‌ සහ තුරුණු ජාතියක්‌ ජනරජයක්‌ බවට පත්‌කරමින්‌ ලොව විශාලතම ලිඛිත  ව්‍යවස්ථාව ක්‍රියාත්මක කෙරුණේ 1950 වර්ෂයේ ජනවාරි 26 වන දිනය. 

දකුණු ආසියාවේ මිත්‍ර  ප්‍රජාතාන්ත්‍රීය රාජ්‍යයක්‌ සහ අපගේ සමීපතම සමුද්‍රීය  අසල්වැසියා වශයෙන්‌ ශ්‍රී ලංකාව ඉන්දියානු ජනතාවගේ සහ සමාජයේ නිරන්තර සාමාජිකයකු වී  ඇත. බුදු දහම කේන්ද්‍රීය අංගයක්‌ කර ගත්‌ අපගේ පොදු උරුමය.
අප අතර සංස්කෘතික සමානතා සහ සියවස්‌ ගණනාවක්‌ මුළුල්ලේ දෙරට ජනතාව අතර පවතින සබඳතා පිළිඹිබු කරයි.

වර්තමානයේදී අප ජාතීන්ට මඟ පෙන්වීම සඳහා ශක්තිමත්‌ නායකත්වයක්‌ හිමි  වීමට අප භාග්‍යවන්ත වී තිබේ. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස අපගේ ද්විපාර්ශවික සබඳතාවය ඉහළ නංවා ගැනීමට පවතින අවස්ථාවන්‌ පිළිබඳව ඉතා ධනාත්මක හැඟීමක්‌ මා සතුය. 2020 මැයි 8 වන දින ටොන්‌ 12.5ක වෛද්‍ය සැපයුම්‌ තොගයක්‌ රැගෙන කොළඹට පැමිණි  දින සිට මා අපගේ ද්විපාර්ශවික සබඳතාවය ඉදිරියට ගෙනයාම උදෙසා ශ්‍රී ලංකා රජය සහ ජනතාව ඇතුළු ශ්‍රී ලංකා පාර්ශවයන්‌ සමඟ කටයුතු කර ඇත. කොවිඩි-19 වසංගතය විසින්‌ මතුකර තිබෙන අභියෝග හමුවේ වුව ද අප දෙරට රජයන්‌ ඉහළ පෙළ සබඳතාහි ජවය පවත්වාගෙන යාමට සමත්ව තිබෙන බව මා ඔබට ප්‍රකාශ කරන්නේ මහන්‌ සතුටිනි. 

මේ අනුව 2020 සැප්තැමිබර්‌ 26 වන දින අග්‍රාමාත්‍යය මෝදි මැතිතුමා සහ අග්‍රාමාත්‍ය
මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර අන්තර්ජාලය ඔස්සේ ද්විපාර්ශවික සමුළුවක්‌ පැවති අතර වසර තුළදී අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර දුරකථන සාකච්ඡා කිහිපයක්‌ ද පැවැත්විණ.

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ පැවැති සිවිවන ත්‍රෛ  පාර්ශවික සමුළුව සඳහා නොවැම්බර්‌ මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණියේය.එසේම, ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්‌. ජයිශංකර්  මැතිතුමා මෙම වසරේ ජනවාරි මස මුලදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය.වඩා පුළුල්‌ ද්විපාර්ශවික සහයෝගීතාවයක්‌ සඳහා 2021 වසරට මනා ආරමිභයක්‌ ලබා දෙමින්‌ එතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අමාත්‍ය දිනේෂ්‌ ගුණවර්ධන මැතිතුමා සමඟ ඉතා ඵලදායි සාකච්ඡා පැවැත්වීය. 

තව ද එතුමා ශ්‍රී ලංකාවේ වෙනත්‌ වැදගත්‌ දේශපාලන නායකයන්‌ ද හමු විය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කොව්ඩි 19 වසංගතය විසින්‌ මතු කර ඇති අභියෝගයන්ට මුහුණ දීම සඳහා එකිනෙකාට සහයෝගය දක්වා ඇති අතර දෙරටෙහි
නායකත්වය එන්නත්‌ කඩිනමින්‌ සැපයීම ඇතුළු දෑ තුළින්‌ මෙම සබඳතාවය ඉදිරි සති සහ මාස කිහිපය තුළ ශක්තිමත්‌ කිරීමට
අදිටන්‌ කර ඇත.

ජලය, සනීපාරක්ෂාව, වෘත්තිය පුහුණුව සහ අධ්‍යාපනය යනාදී කේෂ්ත්‍රයන්‌ කෙරෙහි විශේෂ අවධානයකින්‌ ශ්‍රී ලංකාව පුරා සංවර්ධන සහයෝගීතාවය උදෙසා ඉන්දියානු රජය තවදුරත්‌ දක්වන කැපවීම
කේන්ද්‍රීය අංගයක්‌ වනු ඇත. ආරක්ෂක අංශය පිළිබඳව සැලකීමේදී පුහුණු වීම්‌, උපකරණ, බුද්ධි තොරතුරු  හුවමාරු  කර ගැනීම,ත්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන්‌ කිරීම ඇතුළු  අංශයන්‌ හි අපගේ සබඳතා ශක්තිමත්‌ කිරීමට අපි අපේක්‍ෂා කරමු.

වරාය, ගුවන්‌ තොටුපළ මෙන්ම සූර්ය සහ සුළං බලය යනාදි පුනර්ජනනීය ප්‍රභවයන්‌ ඇතුළත්‌ වන බලශක්තිය වැනි කේෂ්ත්‍රයන්හි යටිතල පහසුකම් ව්‍යාපෘතීන්‌ තුළ ඉහළ විදේශ ආයෝජනයන්‌ සහ සහයෝගීතාවයක්‌ තුළින්‌ ශ්‍රී ලංකාවට සහය වීමට අපි තවදුරටත්‌ කැප වී සිටිමු. එක්ව කටයුතු කිරීම තුළින්‌ වර්තමාන ආර්ථික සහ අනෙකුත්‌ අභියෝගයන්‌ සාර්ථකව ජය ගැනීමට ඉන්දියාවට සහ  ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බව මට විශ්වාසයි.

අප දෙරට සහ ජනතාව අතර මිත්‍රත්වය වඩාත් ‌ ශක්තිමත්‌ වේවායි මම ප්‍රාර්ථනා කරමි. එසේම, ශ්‍රී ලංකාවේ නිදහස්‌ දිනය වෙනුවෙන්‌ ඔබ සැමට සුබ පැතීමට ද මම මෙය අවස්ථාවක්‌ කර ගනිමි.

නමස්කාර, ආයුබෝවන්‌, වනක්කම්!
ගෝපාල්‌ බාග්ලේ

Tags: