IMG-LOGO
Home පුවත් ජනප්‍රිය පාසල් ගැටලුව.

ජනප්‍රිය පාසල් ගැටලුව.

Date : 2021-Jan-25
IMG



පසුගිය වසරේ පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව මේ වසරේ ජනප්‍රිය පාසල්වල හය වැනි ​ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු සීමාව පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබේ. සෑම වසරකම ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීමේ අවම ලකුණු මට්ටම ලකුණකින් දෙකකින් ඉහළ යන නමුත් මෙවර ඇතැම් පාසලක ලකුණු මට්ටම ඉහළ ගොස් ඇත්තේ ලකුණු 10කිනි. ඒ අනුව පසුගිය වසරේ අවම ලකුණු මට්ටම 184ක් වූ කොළඹ රාජකීය විද්‍යාලයේ මෙවර අවම ලකුණු මට්ටම 193කි. කොළඹ ආනන්ද විද්‍යාලයේ අවම ලකුණු මට්ටම පෙර වසරේ 181ක් වූ අතර මේ වසරේ එම සීමාව ලකුණු 191ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම අවම ලකුණු මට්ටම අනුව ශිෂ්‍යත්ව විභාගයේදී මුළු ලකුණු 200න් ලකුණු 192ක් ලබාගත් දරුවෙකුට පවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්විය නොහැකිය. මේ ගැන දෙමාපියන් බලවත් කනස්සල්ලට පත්ව සිටින අතර වහාම මේ ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු වූ වත්මන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් ඉල්ලා ඇත. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එවන් ඉල්ලීමක් කිරීමෙන් ඉඟිකෙරෙන්නේ ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු තීරණයේදී අක්‍රමිකතාවක් සිදුවන්නට ඇති බවය. එහෙත් අක්‍රමිකතාවක් සිදුව ඇති බවට නැගෙන චෝදනාව ප්‍රතික්ෂේප කරන අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ සියල්ල සිදුව ඇත්තේ විනිවිදභාවයෙන් යුතුව බවය.

අධ්‍යාපන අමාත්‍යාංශය කියන ආකාරයට ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු තීරණය කිරී​මේදී කිසියම් හෝ අක්‍රමිකතාවක් සිදුව ඇතැයි අපද කල්පනා කරන්නේ නැත. අප එසේ කල්පනා කරන්නේ අමාත්‍යාංශය කියන නිසා නොව මේ තත්ත්වය උදාවන දිනයක් එනු ඇතැයි අප දැන සිටි බැවිනි.

පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යනු මේ රටේ තරගකාරීම විභාගය ලෙස හැඳින්වීමේ වරදක් නැත. ඉගෙනීමට හැකියාවක් ඇති දක්ෂ, එහෙත් ආර්ථික අපහසුතා ඇති දරුවන්ට ඉගෙනගැනීමට අවස්ථාව සලසාදීම සඳහා ආරම්භ වූ මෙම විභාගය අද ක්‍රියාත්මක වන්නේ ජනප්‍රිය යැයි කියන පාසලකට තම දරුවා ඇතුළත් කර ගැනීමට දෙමාපියන් උරගා බලන ලොතරැයියක් වශයෙනි. ජනප්‍රිය පාසල් හෝ පෞද්ගලික පාසල්වලටද මෙම විභාගය අනිවාර්ය කිරීම් නිසා දැන් මෙහි තරගකාරීත්වය තවත් වැඩි වී තිබේ.

තරගකාරීත්වය වැඩිවන්නට වැඩිවන්නට සිදුවන්නේ විභාගයෙන් සමත්වන ප්‍රමාණය ඉහළ යෑමය. පසුගිය වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් දසදෙනෙකු ලකුණු 200න් 200ම ලබාගෙන තිබේ. මේ ආකාරයට සමත්වන ප්‍රමාණය කොතරම් වැඩිවූවත් දැනට ජනප්‍රිය යැයි කියන පාසල්වලට ඇතුළත් කරගත හැකි සිසුන් ප්‍රමාණය වැඩිවන්නේ නැත. මේ නිසා පවතින සීමිත අවස්ථා ප්‍රමාණයට සරිලන පරිදි කඩඉම් ලකුණු වැඩි කරන්නට සිදුවේ.

වෘත්තිය සමිති පවසන අන්දමට දෙවැනි ශ්‍රේණියේ සිට අතරමැදි පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමද ශිෂ්‍යත්ව විභාගය සමතුන්ට ඇති ඉඩ අඩුවීමට හේතුවකි. එහිද සත්‍යතාවක් ඇති නමුත් මූලික කාරණය වන්නේ වසරින් වසර සමත්වන ප්‍රමාණය හා ඔවුන්ගේ ලකුණු මට්ටම ඉහළ යෑමය. මෙය විසැඳීමටනම් කළ යුතුව ඇත්තේ ජනප්‍රිය යැයි කියන පාසල්වල හයවැනි ශ්‍රේණියේ සමාන්තර පන්ති සංඛ්‍යාව වැඩි කිරීමය. එහෙත් එය අවසන් විසඳුම නොවන්නේ සමාන්තර පන්ති ප්‍රමාණය වැඩිකිරීමද යම් සීමාවකදී නැවැත්වීමට සිදුවන නිසාය.

මෙවර සරසවි ප්‍රවේශයේදීද මෙවැනිම තත්ත්වයක් ඇති විය. 2019 වසරේ උසස් පෙළ විභාගයෙන් ‘A’ සාමාර්ථ තුනක් වැනි ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසුන් පිරිසකට තමන් අභිමත විශ්වවිද්‍යාලයක් හෝ පාඨමාලාවක් තෝරාගැනීමේ අවස්ථාව හිමි වූයේ නැත. එම අවස්ථාව ලබාගැනීම සඳහා ඔවුන් අධිකරණය දක්වාම ගිය නමුත් ප්‍රශ්නය විසඳුණේ නැත. ඊට හේතු වූයේද වෛද්‍ය ඉංජිනේරු හා කළමනාකරණය වැනි ඉහළ ඉල්ලුමක් ඇති පාඨමාලා සඳහා සුදුසුකම් ලබන ප්‍රමාණය වැඩිවන නමුත් ඒ සඳහා විශ්වවිද්‍යාල හා ඒවායේ පවතින ඉඩ සීමිත වීමය.

මෙම තත්ත්වය මගින් පෙන්නුම් කරන්නේ අපගේ අධ්‍යාපන ක්‍රමයේ පවතින අර්බුදය උපරිමයකට පත්ව ඇති බව නොවේද?

අධ්‍යාපනය යනු දැනුම ලබාදීමේ හා ලබාගැනීමේ මාර්ගයක් වුවත් අපේ අධ්‍යාපන ක්‍රමය පවතින්නේ අවස්ථා ලබාගැනීමේ මාර්ගයක් වශයෙනි. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ ලැබෙන දැනුම සාපේක්ෂව ගුණාත්මක නොවන, ප්‍රායෝගික නොවන යල් පැන ගිය එකක් බවට විවාදයක් පවතින්නේ කලක සිටය. ඒ දැනුමෙන් හෝ උපරිම ප්‍රතිඵල ලබාගන්නා අයටත් ඉහළම අවස්ථා හිමිකර ගන්නට නොහැකි වීමෙන් පෙන්නුම් කරන්නේ මෙම ක්‍රම​යේ බරපතළ ප්‍රශ්නයක් පවතින බව නොවේද?

මේ ආකාරයට මේ වසරේදීත් පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී මෙන්ම උසස් පෙළ විභාගයේදීත් වැඩි ලකුණු ලබාගන්නා පිරිස තවත් ඉහළ ගියහොත් කුමක් සිදුවනු ඇත්ද? මෙම විභාගවලින් සමත්වන ප්‍රමාණය අඩුකිරීම සඳහා සමත්වීමට අවශ්‍ය ලකුණු මට්ටම ඉහළ නැංවිය හැකි නමුත් එයද කළ හැකි වන්නේ එක්තරා සීමාවකට පමණකි. ගිය වසරේ ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 200න් 200ම ගත් දස දෙනෙකු සිටි අතර මේ වසරේ එම ප්‍රමාණය දෙගුණ තෙගුණ වන්නට ඉඩ තිබේ.

එසේ නම් දැන් කළ යුතුව ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මට්ටම් තීරණය කළේ කවුද? කෙසේද ආදී කරුණු ගැන පරීක්ෂණ පැවැත්වීම නොව අපගේ සමස්ත අධ්‍යාපන ක්‍රමය පිළිබඳ සමාලෝචනයක් කර අවශ්‍ය වෙනස්කම් හඳුනාගැනීමටද කල්පනා කිරීමය. ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු තීරණය කිරීමේදී කිසිදු අකටයුත්තක් සිදුව නැතැයි අවස්ථාවට පිළිතුරක් දීමෙන් පෙනී යන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයද තවමත් මෙම ප්‍රශ්නය අවබෝධ කොට ගෙන නොමැති බව යැයි අපට සිතන්නට සිදුවේ.

අපේ අධ්‍යාපන ක්‍රමය තුළ අනවශ්‍ය තරගකාරීත්වයක් නිර්මාණය වී ඇත්තේ සම්පත් විෂමතාව නිසාය. රටේ ඇති දසදහකට අධික පාසල් සංඛ්‍යාවකින් 36ක් පමණක් ‘ජනප්‍රිය පාසල් වන්නේ ඒ නිසාය. පාසල් 36ක් ‘ජනප්‍රිය පාසල් වන විට ඉතිරි පාසල් නවදහස් නවසිය හැට හතරක්ම (9964) ජනප්‍රිය නොවන පාසල්ය.

රට පුරා රාජ්‍ය විශ්වවිද්‍යාල 15ක් ඇතත් පාසල් සේම ඒ අතරින් ජනප්‍රිය වී ඇත්තේ අතළොස්සකි. එසේම පොදුවේ කොයි විශ්වවිද්‍යාලයේද ඉල්ලුම ඇත්තේ වෛද්‍ය, ඉංජිනේරු හා කළමනාකරණ උපාධිවලටය. ඒ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් නිසා නොව - අවස්ථා පිළිබඳ ප්‍රශ්නයකි.

මේ නිසා වෙනස් කළ යුතුව ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු තීරණය කිරීමේ ක්‍රමවේදය හෝ උසස්පෙළ ‘Z’ කෝර් ක්‍රමය නොවන බව අප දැන්වත් තේරුම්ගත යුතුව තිබේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යන්ව විභාග ලකුණු අනුව පාසල්වලට සිසුන්‌ ඇනුළන්‌ කරගැනීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක්‌ සිදු නොකළ බවත්‌ ඒ ඒ පාසල්වලට ඇතුළන්‌ කරගන්නා සිසුන්‌ ප්‍රමාණයේ කිසිදු වෙනසක්‌ සිදු කර නොමැති බවත්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්‌ මහාචාර්ය කපිල පෙරේරා මහතා  පැවැසීය. අමාන්‍යාංශ ලේකම්වරයා මේ බව පැවැසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකට එක්‌ වෙමිනි. 

පසුගිය දිනවල මවුපියන්‌ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණවල පවා නියුතු වූ බවත් ‌ ඒ පිළිබඳව රජය අවධානය යොමු කර නිබෙන බවත් ‌ සිසු දරුදැරියන්ට කිසිදු අසාධාරණයක්‌ සිදුවීමට ඉඩ නොතබන බවද ඔහු පැවැසීය. ශිෂ්‍යන්ව
විභාගයෙන්‌ සිසු දරු දැරියන්‌ වැඩි ලකුණු ප්‍රමාණයක්‌ ලබාගත්තද 2017 සිට 2021 දක්වා වසර 05ක්‌ තුළ පාසල්වලට සිසුන්‌ බඳවා ගැනීමේ ප්‍රමාණය කිසිසේත්ම  වෙනස්‌ නොකළ බවත්  ‌වැඩිදුරටන්‌ පැවැසීය.

එමෙන්ම කිසිදු ආකාරයකින්‌ පාසල්වල පන්ති ප්‍රමාණය හෝ පන්තියකට ඇතුළත්‌ කර ගන්නා
සිසුන්‌ ප්‍රමාණය අඩු කිරීමට තීරණයක්‌ ගෙන නොමැනි අතර 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා බාලක බාලිකා මිශ්‍ර සහ 6-13 බාලක, බාලිකා සහ මිශ්‍ර පාසල්වල හෝ එවැනි වෙනසක්‌ සිදු කිරීමට අපේක්ෂා නොකරන බවද පැවැසීය. ඒ පිළිබඳව සියලු තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වේබ්‌ අඩවිය වන www.moe.gov.lk  යන වෙබ්‌ අඩවියෙන්‌ අදාළ තොරතුරු ලබාගැනීමට හැකි බවද අවධාරණය කළේය.

එසේම අභියාචනා ඉදිරිපත්  කිරීම පෙරබරවාරි 15 දා සිට කිරීමට මාසයක කාලයක්‌ අවස්ථාව සලසා තිබෙන බවද පැවැසීය.
Tags: