IMG-LOGO
Home පුවත් දුම්කොළ බදු සහ වත්කම්‌ සහ වගකීම්‌ ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධන පනත්‌ කෙටුම්පත් පාර්ලිමේන්තුවට.

දුම්කොළ බදු සහ වත්කම්‌ සහ වගකීම්‌ ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධන පනත්‌ කෙටුම්පත් පාර්ලිමේන්තුවට.

Date : 2021-Jan-07
IMG
පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා 

1999 අංක 08 දරන දුම්කොළ බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත්‌ කෙටුම්පත 

1975 අංක 1 දරන වත්කම්‌ සහ වගකීම්‌ ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධනය කිරීම සඳහා වූ පනත්‌ කෙටුම්පත 

 අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. 

1975 අංක 1 දරන වත්කම්‌ සහ වගකීම්‌ ප්‍රකාශ කිරීමේ නීතිය යටතේ මෙතෙක් යටත් වූ පිරිසට අමතරව, 
අධිකරණ සේවා කොමිෂන්‌ සභාව විසින්‌ පත්‌ කරනු ලබන අධිකරණ නිලධාරීන්‌ සහ උපලේඛනගත රජයේ නිලධාරීන්‌ සහ අමාත්‍යාංශ සහ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල මාණ්ඩලික නිලධාරීන්‌:

ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන්‌ විදේශ රාජ්‍යවල රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවර සඳහා යොදවනු ලබන මහ කොමසාරිස්වරුන්‌, තානාපතිවරුන්‌ සහ කොන්සල්වරු;

පළාත්‌ සභා මන්ත්‍රීවරුන්‌:පළාත්‌ පාලන ආයතනවල මන්ත්‍රීවරුන්‌;

1981 අංක 15 දරන ජනාධිපති මැතිවරණ පනත,
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත.
1988 අංක 2 දරන පළාත්‌ සභා මැතිවරණ පනත
සහ 1946 අංක 53 දරන පළාත්‌ පාලන මැතිවරණ
ආඥා පනත යන පනත්වල සඳහන්‌ මැතිවරණ සම්බන්ධයෙන්‌ වන්නා වූ පිළිගත්‌ දේශපාලන පක්ෂවල නිලධාරින්‌;

1981 අංක 15 දරන ජනාධිපති මැතිවරණ පනත,
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත
19883 අංක 2 දරන පළාත්‌ සභා මැතිවරණ පනත
සහ 1946 අංක 56 දරන පළාත්‌ පාලන ආයතන
මැතිවරණ ආඥා පනත යන පනත්‌ යටතේ මැතිවරණ වලට නාම යෝජනා ඉදිරිපත්‌ කරන අපේක්ෂකයින්‌;

අමාත්‍යංශ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවල
මාණ්ඩලික නිලධාරීන්‌;

ද ඇතුළත් කරමින් මෙම සංශෝධනය ඉදිරිපත් කර ඇත.

 
Tags: