IMG-LOGO
Home පුවත් 'ගෝ ටා ගෝ ගම' - අගමැති කාර්යාලය සබැඳියාවක්

'ගෝ ටා ගෝ ගම' - අගමැති කාර්යාලය සබැඳියාවක්

Date : 2022-May-26
IMG
'ගෝ ටා ගෝ ගම'  අරගල කරුවන් සමග සම්බන්ධ වී ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා සහ ඔවුන්ගේ අදහස් සහ යෝජනා ලබා අග්‍රාමාත්‍යවරයාට ලබා දීම සඳහා වැඩ සටහනත් ආරම්භ වී තිබෙනවා.

අරගලකරුවන්ට සහ රටපුරා සිටින වෙනසක් ඉල්ලන තරුණයන්ගේ ගැටළු සහ යෝජනා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වෙබ් අඩවියක් හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔවුන්ට අග්‍රාමාත්‍ය නිළ වෙබ් අඩවිය වන www.pmoffice.gov.lk මගින් සම්බන්ධ වී අදාළ යෝජනා සහ අදහස් ඉදිරිපත් කල හැකි අතර වඩාත් ඵලදායී යෝජනා ඉදිරිපත්වන පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට ඉදිරියේ දී අග්‍රාමාත්‍යවරයා හමු වී සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් වාර්තා වෙනවා.

https://www.gggdelegation.com/
Tags: