IMG-LOGO
Home පුවත් ලංකාවේ බැංකු ක්ෂේත්‍රයට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නියාමන ක්‍රියා මාර්ග

ලංකාවේ බැංකු ක්ෂේත්‍රයට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නියාමන ක්‍රියා මාර්ග

Date : 2022-May-26
IMG
පවතින තත්වය තුළින් ලංකාවේ බැංකු ක්ෂේත්‍රයට සිදුවන බලපෑම සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමන ක්‍රියා මාර්ග හඳුන්වා දී තිබෙනවා.ඒ බැංකුවලට සහය වීම සඳහායි.එමගින් බැංකු ක්ෂේත්‍රයේ ශක්තිමත් භාවය ආරක්ෂා කර ගනිමින් ආර්ථිකයට ණය ප්‍රවාහ සැපයීම මෙන්ම ඵලදායී මූල්‍ය අතරමැදි කරණය සඳහා පහසුකම් සැපයීමට අවශ්‍ය සහය එමගින් බැංකුවලට හිමිවනු ඇති.

මෙම තීරණයත් සමග බලපත්‍රලාභි බැංකු විසින් පවත්වාගෙන යනු ලබන 2.5% ප්‍රාග්ධන සංරක්ෂක භාවිතයට ගැනීමට අවස්ථාව ලැබෙන අතර එහිදී ඊට අදාළව වර්ධක සැළැස්ම අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතු වෙනවා.එමෙන්ම මහ බැංකුව ප්‍රකාශ කළේ ඉහළ දමන ලද අවම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා ලබා දී තිබූ කාලයද වසරකින් දීර්ඝ කළ බවයි.

තව දුරටත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතාවයන් සඳහා වෙනත් විස්තීරණ ආදායම් යොදා ගැනීමේ දී ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුකූලව ක්‍රියාත්මක වී ඇත්නම් එහිදී අදාළ බලපත්‍රලාභි බැංකුව සඳහා නම්‍යශීලී වීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.
දෙසැම්බර් මස 31 වන දින දක්වා සිය කොටස් ආපසු මිලට ගැනීම, කළමණාකරණ දීමනා වැඩි කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ගෙවීම් ආදිය සීමා කිරීමටත් මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

එසේම පවතින තත්වය යටතේ ද්‍රවශීලතාව සහ ප්‍රාග්ධන තත්වයන් ශක්තිමත් කිරීම සඳහා මෙම වසරට අදාළව මූල්‍ය ප්‍රකාශණ බැංකුවේ බාහිර විගණකවරුන් විසින් ගණනය කරනු ලබන තෙක් මුදල් ලාභාංශ ගෙවීම සහ ලාභ මව් රටට යැවීම සීමා කරනු ඇති. 
Tags: