මේ වන විට යළිත් නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් සැකසීමේ අවශ්‍යවතාව පිළිබඳව නව ගතිකාවක් මතු ඇති අතර ඒ සම්බන්ධයෙන් රජය විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබේ. 2020 ඔක්තෝබර් මස විසි වන දිනැති 2198/13 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට අපේක්ෂා කරයි.පළමුව ඒ සඳහා 2020 නොවැම්බර් මස 20 වන දින දක්වා කාලය ලබා දී තිබූ අතර එම කාලය මේ වන විට දෙසැම්බර් මස 31 වන දින දක්වා දීර්ඝ කර ඇත.
ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නීතිඥවරුන් වන මනෝහර ද සිල්වා, ගාමිණී මාරපන,සංජීව ජයවර්ධන,සමන්ත රත්වත්තේ මහාචාර්යවරුන් වන නදීමා කමුර්දීන්,ජී.එච්.පීරිස්, වසන්ත සෙනවිරත්න සහ ආචාර්ය ඒ සර්වේෂ්වරන් යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කර ඇත.
රටේ සෑම පුරවැසියෙකුම තම රටේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සම්බන්ධයෙන් දැනුවත් වීම ඔබේ වගකීමක් මෙන්ම එය ඔබේ ආරක්ෂාව, අයිතීන්, නිදහස, ප්‍රජාත්‍රන්තවාදය තීරණ කරන මූලික ලියවිල්ලද වනු ඇත. එම නිසා අප ඔබ වැදගත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සරල පැහැදිලි කිරීමක් සිදුකිරීමට තීරණය කළෙමු.