පසුගිය සතියේ දේශීය වෙළෙඳපළේ ප්‍රධාන මාතෘකාවක් වූයේ සහල් මිළ පාලනය කිරීම වන අතර ඒ සඳහා අවසානයේ නැවතත් ගැසට් පත්‍රයක් මුද්‍රණය කිරීමට රජයට සිදු විය. එහෙත් සහල් මිළ සති අන්තය වන තුරුත් අඩු වී නොතිබුණි.
එහෙත් සහල් මිළ සති අන්තය වන තුරුත් අඩු වී නොතිබුණි
නැවත වරක් ආර්ථික මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය වෙළෙඳපොළවල් විවෘත කිරීම නිසා එළවලු මිළ තරමක් ඉහළ ගියත් ගොවීන් සතු බොහෝ තොග අලෙවි කිරීමට නොහැකිව එම ප්‍රදේශවෙලම විනාශ කරන බව සති අන්ත පුවත්පත් වාර්තා කර තිබුණි. රජය භාණ්ඩ වර්ග හතරක, එනම් සීනි පරිප්පු, ලොකු ලූණු සහ ටින් මාළු සඳහා වූ රුපියල් 50/= හේ ආනයන බද්ද ශත 25 දක්වා අඩු කර මාසයක් ගත වූවත් පිටකොටුවේ තොග වෙළෙඳපොළේ එම භාණ්ඩ අලෙවි වූයේ පෙර පැවති මිළටමය.
''රජය භාණ්ඩ වර්ග හතරක, එනම් සීනි, පරිප්පු, ලොකු ලූණු සහ ටින් මාළු සඳහා වූ රුපියල් 50/= හේ ආනයන බද්ද ශත 25 දක්වා අඩු කර මාසයක් ගත වූවත් පිටකොටුවේ තොග වෙළෙඳපොළේ එම භාණ්ඩ අලෙවි වූයේ පෙර පැවති මිළටමය.''
මේ සියල්ල කැටි කර ගත් විට අපට පැහැදිළි වන්නේ කොවිඩ් අර්බුදය හමුවේ අසරණභාවයට පත්ව සිටින සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම නම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවයි.
ජාත්‍යන්තර වශයෙන් බොර තෙල්වල මිළ සුලු ප්‍රමාණයකින් ඉහළ යාමත්, ජාත්‍යන්තර කොටස් මිළ දර්ශක සියයට ප්‍රමාණයකින් ඉහළ යාමටත් හේතු වූයේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ (PFIZER) සමාගම එක්ව සංවර්ධණය කරන ලද කොවිඩ් සඳහා වූ එන්නත වෙළෙඳපොළට පැමිණීමේ අපේක්ෂාවයි.
එහෙත් මෙම එන්නත නිෂ්පාදනය කර, ගබඩා කර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇතිව ලොව පුරා බෙදා හැරීමට තව වසරක පමණ කාලයක්ගත විය හැකිය.
යුරෝපයේ කොවිඩ් වෛයිරසය පැතිරයාම සීග්‍ර වී ඇති අතර එංගලන්තය, ස්පාඥ්ය, ඔස්ට්‍රියාව , ප්‍රංශය යන රටවල් සම්පූර්ණයෙන්ම අගුලු දමා ඇති අතර ආර්ථික ක්‍රියාකාරකම් සිදු වන්නේ අවම මට්ටමකිනි.
විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, මේ තත්වය එළැඹෙන වසරේ අප්‍රේල් දක්වා පවතින බවයි.
තවද පසුගිය සතියේ අපගේ ප්‍රධාන වරායේ ක්‍රියාකාරකම් සැලකියයුතු ප්‍රමාණයකින් අඩු වීම ජාත්‍යන්තර වෙළෙඳාමට දැඩි ලෙස බලපාන අතර වරාය සේවකයන් අතර කොවිඩ් 19 පැතිරයාම ද මෙයට හේතු වී ඇත.
දැන් කතාබහට ලක් වන්නේ වරායේ සේවා සැපයීම ප්‍රමාද වීම නිසා නැව් 39 ක් පමණ පිටත වරායේ නවතා ඇති අතර කොළඹ වරායෙන් 30% පමණ කන්ටෙනෙර්ස් හසුරුවන MSC සමාගමේ නැව් 20 ක් පමණ වෙනත් වරායන් වෙත හරවා යැවූ බව සති අන්ත පුවත්පතක් වාර්තා කළත් ස්විට්සර්ලන්තයේ ජිනීවාහී ප්‍රධාන කාර්යාලයේ ඇති එම්එස්සී සමාගම අද දින ශ්‍රී ලංකා වරාය වෙත දැනුම් දී ඇත්තේ වරායේ පවතින තදබදය නිසා තමන් තාවකාලිකව නැව් 20 ක් පමණ වෙනත් වරායන් වෙත යැවූ බවයි.
වරායේ තදබදයක් පවතින බව වරාය සභාපතිවරයා දයා රත්නායක මහතා ද පිළිගත් අතර ඔහු සේවකයන්ට ආයාචනා කළේ සේවයට වාර්තා කරන ලෙසයි.
වරායේ තදබදයක් පවතින බව වරාය සභාපතිවරයා දයා රත්නායක මහතා ද පිළිගත් අතර ඔහු සේවකයන්ට ආයාචනා කළේ සේවයට වාර්තා කරන ලෙසයි.
MSC සමාගම විසින් වරාය සභාපතිවරයාට එවන ලද ලිපිය
වරාය වැනි සේවකයන් 10,000 ක් පමණ සිටින සේවා ස්ථානත්, ඇඟලුම් කර්මාන්තශාලා වැනි සේවකයන් විශාල සංඛ්‍යාවක් සිටින ස්ථානවලත් පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් හඳුන්වා දුන් ක්‍රියාකාරකම් හරියාකාරව පිළිපැද්දා නම් මෙවැනි වාතාවරණයක් උදාවන්නේ නැති බවයි අපේ අදහස.
රජය, හමුදාව, පොලිසිය සහ සෞඛ්‍ය අංශ වහාම මෙවැනි මහා පරිමාණයෙන් සේවකයින් සිටින ස්ථාන සඳහා කොවිඩ් 19 පැතිරීම වළක්වා ගැනීම සඳහා වහාම ක්‍රියා කළ යුතු වෙනවා.
පසුගිය මාස 6 කාලයක් තුළ රත්තරන් භාණ්ඩ උගස් කිරීම වෙනුවෙන් බැංකු සහ මූල්‍ය ආයතන රුපියල් බිලියන 608 ක අත්තිකාරම් ලබා දී ඇති බව බොහෝ මාධ්‍යයන් ප්‍රචාරය කළත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ එම මුදල රුපියල් බිලියන 208 ක් පමණක් වන බවයි.
වරාය සංවර්ධන අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන
පසුගිය මැතිවරණ සමයේ මහත් ආන්දෝලණයට ලක් වූ, වරාය වෘත්තිය සමිති දැඩි අරගලයක් කළ කොළඹ වරායේ නැගෙණහිර ජැටියේ සංවර්ධන කටයුතු රජය විසින් ඉන්දියාව සහ ජපානය සමඟ ඒකාබද්ධව කරන බව නිවේදනය කළා - ශ්‍රී ලංකා රජයට 51% ක් ද විදේශීය සමාගම් සඳහා 49% ක් ද වන ආකාරයට නැගෙණහිර ජැටිය සංවර්ධණය කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව වරාය සංවර්ධන අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එම ව්‍යාපෘතිය ඇගයීම සඳහා තාක්ෂණ කමිටුවක් ද පත් කර තිබෙනවා.
ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරිකයින් සඳහන් කරන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට දීමට රජයට සිදුවූයේ 2016 දී CICT ජැටිය චීනයට ලබා දීම නිසා බවයි. චයිනා හාබර් සමාගම විසින්මෙහෙයවන CICT ජැටිය 2020 වර්ෂයේ මෙහෙයවීම් සඳහා ඉහළ සම්මානයක් ලබා ගැනීමටත් සමත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා තේ සඳහා පසුගිය සතියේ ඉතා හොඳ ඉල්ලුමක් පැවති අතර මිළ ඉහළ යාමක් නම් දක්නට ලැබුණේ නැත. පෝබ්ස් ඇන්ඩ් වෝකර්ස් සමාගම සඳහන් කරනු ලැබුවේ ගිය සතියේ තේ කිලෝග්‍රෑම් මිලියන 5.9 ක් අලෙවි වූ බවයි.
කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහය වනවා. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) දෙවන කාර්තුවේදී ප්‍රබල ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළ අතර සමූහය සංචාරය සහ විවේක අංශය හැරුණු විට 15% කින් වර්ධනය වූ අතර ව්‍යාපාර ශක්තිමත්ව ප්‍රකෘතිමත් වීමේ වේගයක් පෙන්නුම් කර ඇත.
සමාගමේ සභාපති ක්‍රිෂාන් බලේන්ද්‍ර සිය සමාලෝචනයේදී කියා සිටියේ, සමාලෝචනයට භාජනය වූ වසරේ දෙවන කාර්තුවේදී විවේක කර්මාන්ත හැර EBITDA සමූහය රුපියල් බිලියන 4.50 ක් වූ බවත් එය පෙර වසරට වඩා 15% ක වැඩිවීමක් බවත්ය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන සමාගමක් වන හේලීස් සමාගමද 2020 ප්‍රථම කාර්තුව සඳහා බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 5.52 ක ලාභයක් වාර්තා කර ඇති අතර ප්‍රධාන වශයෙන් වෙළෙඳපොළේ අත්තිකාරම් පොලී අනුපාතය අඩුවීම සමාගමේ පොලී වියදම අඩුකර ගැනීමටත් එමඟින් ලාභය වැඩි කර ගැනීමටත් හැකි වූ බව ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා රජයේ වෙළෙඳ ශේෂයේ හිඟය 2020 සැප්තැම්බර් මාසයේ සටහන් වූයේ ඩොලර් මිලියන 525 ක් ලෙසය. එය 2019 වර්ෂයේ එම මාසයේ වාර්තා වුණ ඩොලර් මිලියන 757 ට සාපේක්ෂව අඩු අගයකි. මෙයට හේතු වී ඇත්තේ රජය පසුගිය මැයි මාසයේ සිට මෝටර් වාහන, ටයිල්, ටයර්, මෝටර් රථ අමතර කොටස් සහ තවත් භාණ්ඩ වර්ග 175 ක් පමණ ආනයනය තහනම් කර තිබීමයි.
තවද කහ, ඇතුලු ආහාර භෝග 19 ක් ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති අතර මෙම දේශීය භෝග වර්ග දැනට කොපමණ ප්‍රමාණයක් වෙළෙඳපොළට එනවාද? ඒවායේ මිළ අඩුවී ඇද්ද? යන කාරණය නම් ජනතාවට රහසක්!!
තවද කහ, ඇතුලු ආහාර භෝග 19 ක් ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇතිඅතර මෙම දේශීය භෝග වර්ග දැනට කොපමණ ප්‍රමාණයක් වෙළෙඳපොළට එනවාද? ඒවායේ මිළ අඩුවී ඇද්ද? යන කාරණය නම් ජනතාවට රහසක්!!
රාජ්‍ය භාණ්ඩාගාරයේ සංඛ්‍යා ලේඛණ අනුව 2020 වර්ෂය සඳහා රජයට තවත් බිලියන 71 ක් ණය ගැනීමට සිදු වෙනවා
රාජ්‍ය භාණ්ඩාගාරයේ සංඛ්‍යා ලේඛණ අනුව 2020 වර්ෂය සඳහා රජයට තවත් බිලියන 71 ක් ණය ගැනීමට සිදු වෙනවා .මුදල් හිඟ රජයට පාර්ලිමේන්තුව මඟින් අනුමත කරන ලද අතිරේක විසර්ජන පණත අනුව බිලියන 613.45 ක ණය ප්‍රමාණයක් මේ වසර අවසානය දක්වා ණය වශයෙන් ලබා ගත හැකිය.
එහෙත් කොවිඩ් දෙවෙනි රැල්ල නිසා දැනට දරන්න සිදු වී ඇති අතිරේක වියදම් සඳහා රුපියල් බිලියන 180 ක අතිරේක මුදලක් 2021 විසර්ජන පණතට ඇතුළත් කළ අතර එය ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේ අනුමත කිරීම සතුටට කරුණකි.
ජනාධිපතිතුමා ඇතුලු රජය අපනයන සහ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා විශාල උනන්දුවක් දැක්වූවත් ඔක්තෝබර් මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමේ අඩු වීමක් පෙන්නුම් කරනවා. 2019 වර්ෂයේ අපනයනය ආදායම ඩොලර් මිලියන 977.3ක් ($977.3) වූ අතර 2020 ඔක්තෝබර් මාසයේදී එය ඩොලර් මිලියන 831.72 දක්වා අඩු වී තිබේ.
රජයේ අපේක්ෂාව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ වාණිජ භාණ්ඩ අපනයන ආදායම මාසිකව ඩොලර් මිලියන 1000 ක ප්‍රමාණයක පවත්වා ගැනීමයි.
ලබන සතියේ-
කොවිඩ් 19 අර්බුදයට රජය විසින් ලබා දී ඇති උත්තේජන පැකේජයන් සම්බන්ධව සාකච්ඡා කරමු.
-සේන සූරියප්පෙරුම-
-ආර්ථික විශ්ලේෂක-