IMG-LOGO
Home බ්ලොග් Clientalism Study Group
https://drive.google.com/file/d/1dcrBhOt4AiyT

Clientalism Study Group

Date : 2023-Jan-20
IMG

Clientalism Study Group

Clientalism අධ්‍යයන කවය පිහිටුවීම සඳහා One –Text Initiative ආයතනය විසින් ක්‍රියා කරන ලද්දෙ ශ්‍රි ලංකාව තුළ වර්ථමානය වන විට උද්ගත වී ඇති අර්බූදය සඳහා පදනම් සැපයූ මූලික සාධක හඳුනා ගැනීමේ පළමු පියවර වශයෙනි. එම සාධක අතරින් වඩාත් කැපී පෙනෙන සාධකයක් ලෙස Clientalism යන්න හඳුනාගත හැකි ආකාරය සහ ශ්‍රී ලංකාව තුළ එය ක්‍රියාත්මක වන ආකාරය හඳුනාගනිමින් ඒ සඳහා විසඳුම් ගවේශණය කිරීම මෙම සාකච්ඡාවේ මුඛ්‍ය අරමුණ ලෙස හැඳින්විය හැකිය.

දේශපාලන විද්‍යාව උගන්වන ආයතන තුළ Clientalism යන පදය සඳහා සේවාදායකවාදය යන පදය භාවිතා වන බව දැක්ය හැකි වූවත් එයට සමගාමීව අනුග්‍රාහක සම්බන්ධතාවය යන පදයත්, පාරිභාෂික ශබ්දමාලාව තුළ අනුග්‍රාහකවාදය යන පදයත් භාවිතාවේ.නමුත්,Clientalism යන ඉංග්‍රීසි පදය සඳහා යොදාගත හැකි නිශ්චිත අර්ථයක් සිංහල වාග් කෝෂය තුළ දක්නට නොලැබීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවාධානයට යොමු වූ අතර Clientalism යන්න සිංහල සමාජයට වඩාත් ආගන්තුක වීම යන හේතුව ඒ සඳහා පාදක වන්නට ඇති බව උපකල්පනය කිරීමට හැකිය.බොහෝවිට එම පදය භාවිතාවත් සමග කාලානුරූපීව සිංහල වාග් මාලාවට එකතු වීමේ හැකියාවක් පවතී.සේවාදායක වාදය අර්ථ දැක්වීමේ දී සමස්ථ සමාජයම එහි කොටසක් බවට පත්ව තිබීම යන්න සැළකිල්ලට භාජනය විය යුත්තකි.ඒ අනුව පුරවැසියන් සහ ආයතන අතර ඇති සම්බන්ධතාවය මෙන්ම යම් කල්ලියක් සහ අනුග්‍රහය ලබන පිරිසක් අතර පවතින පරතරය හඳුනා ගැනීම මෙමගින් බලාපොරොරොත්තු වේ.එයට හේතුව වන්නේ ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති අර්බූදය සේවාදායක වාදය මත පදනම්ව ගොඩනැගී ඇති බව පැහැලි වීමයි.

ශ්‍රී ලංකාවේ වර්ථමානය තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බූදය හදිසියේ හෝ එක්වර  ඇති වූවක් ද යන්න නිරීක්ෂණය කිරිමේ දී මෙම අර්බූදය ණය අර්බූදයත් සමග ගොඩනැගුණු ආර්ථික අර්බූදයක් ලෙස දැකිය හැකියි.එමගින් මෙරට සමාජීය ප්‍රශ්ණ ගොඩනැගීම ආදිය නිසා වඩාත් සංකීර්ණ සවභාවයක් ගනු ලබයි.එය නිර්මාණය වීම සඳහා අවුරුදු 74ක කාලයක් තුළ දී වසර 4ක් හැරුණු විට අනෙක් බහුතරය කාලයක දී ණය මතින් නිර්මාණය වූ ආර්ථිකයක් පැවතීම හේතු වී ඇති බව පෙනී යයි. ඒ සඳහා හේතු ලෙස  මෙරට රජයේ ආදායමට වඩා වියදම වැඩි වීම, අපනයන වලට වඩා ආනයන වැඩි වීම යන හේතු මත ශ්‍රී ලංකාව ණය ලබා ගැනීම සඳහා වැඩි වශයෙන් යොමු වී තිබීම දැකිය හැකියි. නමුත්,2007 පමණ වනතෙක් දැඩිව එම තත්වය නොදැනීම සඳහා සංවර්ධන වෙමින් පවතින රටක් හේතුවෙන් අඩු පොලියට ණය ලබා දීම සහ දිගු සහන කාලයක් එම ණය සඳහා ලබා දීම  මෙන්ම ණය නොගෙවීමට ඇති කාල සීමාව ද ඇතුළත්ව තිබීම  යන හේතු සාධක මූලික වී ඇති බව පෙන්වා දිය හැකියි.තවද වර්ශ 2007 පමණ වන විට එක් වරම එම ණය ලැබීම නතර වීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපල වෙත යොමු වීමට සිදු වීම සහ  බැඳුම්කර හරහා.යුද්ධය සඳහා ණය ලබා ගැනීම එතරම් ගැටළවක් නොවන බවත් එයින් පසුව එම තත්වය සමනය විය හැකි බව උපකල්පනය කළත් එය සිදුනොවීම ගැටඵව උග්‍ර වීමට හේතු වී ඇති බව දැකිය හැකිය. එසේම රාජපක්ෂ පාලනය අවසන් වන විට ඩොලර් බිලියන 5ක් ව පැවති ණය යහපාලන රජය සමයේ ඩොලර් බිලියන 12 දක්වා වැඩි වීම අවධානයට ලක්විය යුතු කරුණක් බව සඳහන් කළ හැකියි.එමගින් උද්ගතව තිබූ අර්බුදකාරී තත්වය එක් වරම වර්ශ 2019ත් 2021ත් වන විට ඇති වූ කොවිඩ් අර්බූදයත් සමග උග්‍ර වූ බව දැකිය හැකියි.

Aris Trantidis විසින් 2016 වසර තුළදී රචනා කරන ලද Clientalism and Economic policy  ග්‍රන්ථය තුළින් ග්‍රීසියේ අරබූදයේ සැබෑ තත්වය අවබෝධ කර ගැනීමට උත්සහ දැරූ අතර ග්‍රීසිය තුළ වර්ධනය වූ  එම තත්වය ශ්‍රී ලංකාවට අතිශය සමාන ලක්ෂණ අන්තර්ගතව පවතී.විශේෂත්වය වන්නේ  ශ්‍රී ලංකාවේ වසර 70ක කාලයක් සිදු වූ ක්‍රියාදාමය ග්‍රීසියේ වසර 40ක කාලයක් තුළ සිදු වී ශ්‍රී ලංකාවට පෙර අර්බූදයේ උච්චතම අවස්ථාවට පැමිණ තිබීමයි.මෙම සමානතාවය විමසා බැලීමෙ දී ග්‍රීසියේ කඩා වැටීම ආරම්භ වූයේ ද ණය අර්බූදයත් සමගිනි.ශ්‍රී ලංකාව තුල පැවතියේ ද  එය හා සමාන තත්වකි.ග්‍රීසියේ පාලනය ප්‍රධන පක්ෂ දෙකක් අතර පැවති අතර එම පක්ෂයන්හි භාවිතාවද ශ්‍රී ලංකාවට සමාන තත්වයක පවතී.ඇරිස්ට අනුව ග්‍රීසිය තුළදී රජයේ පාර්ශවය සමග කිසියම් සම්බන්ධතාවයක් නොපවතීනම් අවම වශයෙන් රෝහලක් ඇඳක් ලබා ගැනීමට හෝ නොහැකි තත්වක් පැවතීමත් අල්ලස් හා දූෂණය සමාජය තුල දැඩිව පැතිරී ගොස් තිබීමත් දැකිය හැකිය.නිළධාරී වාදය පැතිරීම,ආර්ථිකයට ඵලදායී නොවන රාජ්‍ය සේවයක් නිර්මාණය වීම.වෘත්තීය සමිති සහ ඇතැම් ශිෂ්‍ය ව්‍යාපාර වරප්‍රදසාද අරමුණු කොටගෙන ක්‍රියා කිරීම, යන හේතූන් ද ඒ සඳහා බලපා ඇත.ග්‍රීසියේ ආර්ථිකය පුරාම ප්‍රධාන පක්ෂ දෙකට අයත් සහ එමගින් වරප්‍රසාද භුක්ති විඳින ජාලයක් නිර්මණය වීමද දැකිය හැකියි.මෙවැනි තත්වයක දී ආරථිකය තුළ කළයුතු ප්‍රතිසංස්කරණ සිදු කිරීම සදහා ඇති අවස්ථාව මගහැර සහචරයන් පිනවීම සඳහා කටයුතු කිරීම හේතුවෙන් අහිමිවී යන බව නිරීක්ෂණය කළ හැකියි.ඉහළ රජයේ නිළධාරීන්ගේ සිට පහළම රජයේ නිධාරීන් දක්වා පැතිර ගිය දේශපාලනය හේතුවෙන් සහනාධාර ලබා දීම වැනි දේපවා දේශපාලනය සම්බන්ධතාවයක් නොමැතිව ලබා ගත නොහැකි තත්වයක් උද්ගතව ඇත. එවැනි තත්වයක් හේතුකොට ගෙන ග්‍රීසිය තුළ රාජ්‍ය වියදම් වැඩි වීම, අයවැය හිඟය වැඩි වීම වැනි කරණූ ඉස්මතු වූ අතර අයවැය හිඟය වැඩිවීම නිසා අපනයන ඉක්මවා ආනයන වැඩිවීමත් ඒ සඳහා  මුදල් මුද්‍රණය කිරීම හේතුවෙන්  මුදල් සංසරණය වැඩිවීම සිදුවීය.මෙම ක්‍රියාදාමය Clientalism  පවත්වාගැනීම සඳහා සිදුකළ දෙයක් බව නිරීක්ෂණය කළ හැක.මෙහිදී පෙනී යන කරුණක් වන්නේ  විශාල අයවැය හිඟයක් පවත්වාගෙන යනු ලබන්නේ ද ඵලදායී නොවන කටයුතු වෙනුයෙන් වියදම් කිරීම සඳහා බවයි.මෙහිදී තමන්ගේ Clientalism  හේතුවෙන් තමන්ගේ දායකත්වයක් නැතිව විශාල ආදායම් ඉපැයීම(කොමිස්) දැකිය හැකි අතර එම තත්වය උග්‍ර වීමෙන් පසුව එම තත්වය වළක්වාලීම සඳහා මෙන්ම යම් නිශ්චිත අරමුණක් පෙරදැරිකරගත් පාලකයින්ට වූවද අදාළ කාර්යය නිසි ආකාරව සිදුකරගත නොහැකියි.දේශපාලන පද්ධතියම කඩා වැටෙන මොහොතක වූවත් ගත යුතු පියවර ගත නොහැකි වන්නේ සේවාදායක පදනම ආරක්ෂා කිරීමට සිදුවීම හේතුවෙනි. ශ්‍රී ලංකාව තුළ අයවැය හිඟය පියවා ගැනීම සඳහා සිදකළ අයහපත්ම කාර්යය වන වක්‍ර බදු වැඩි කිරීම සිදු කරන ලද්දේ ද එම වක්‍ර බදු ඉහළ දැමීම තුළින් සාමාන්‍ය ජනතාවට සිදුවන අපහසුතාවය නොසලකා තම සේවාදායක පදනම ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාකිරීම අරමුණු කර ගනිමිනි.

Aris Trantidis ට අනුව පවතින රජයක් අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට පෙළඹෙන්නේ එම ප්‍රතිසංස්කරණ සිදු කිරීම හරහා වියහැකි දේශපාලන අවාසිය කිසිම දේශපාලන ප්‍රතිසංස්කරණයක් සිදු නොකර සිටීමෙන් අතිවන වාසියට වඩා අඩුනම් පමණි.එමෙන්ම සහදායක වාදි පද්ධතියක් පවතින රටක බරපතල අර්බූදයක් පවතින අවස්ථාවක දී වෙනත් සම්බාධක වල තර්ජනයක් පවති නම් රජයක් ප්‍රතිසංස්කරණයක් සදහා යොමු වීමට ඉඩ තිබෙන්නනේ ඔවුන්ගේ අනාගතය ද විනාශ වීමට ඉඩ තිබේනම පමණි.එම ප්‍රතිසංසකරණයන් හි ප්‍රතිඵලයක් ලෙස යම් මටට්මකට හෝ ප්‍රගතියක් අත්කරගත් පසුව නවතත් සුපුරුදු පරිදි සහදායක වාදය වෙත නැවත සුපුරුදු ලෙස යොමු වනු දැකිය හැකිය.

රාජ්‍ය පාලනය සම්බන්ධ ගැටලුව පිළිබඳවව අවධානය යෙමු කිරීමේ දී Patrimonial state  එක වෙනස් කිරීම සම්බන්ධව දේශපාලන විද්‍යාව තුළ තිබුණත් එය ප්‍රායෝගිකව සිංහල දේශපාලනය තුළ දැකිය නොහැකියි.දේශපාලන සමාජවිද්‍යව තුළ සාකච්ඡා කරන ආකාරයට සහදායක සම්බන්ධතාවයක් දැකියහැකි නමුත් එය සහදායක වාදයෙන් වෙනස් වන ආකාරය සහ එහි පවතින ගැටළු හඳුනා ගැනීම අතිශය වැදගත්. ශ්‍රී ලංකාව තුළ උද්ගතව පවතින ප්‍රශ්ණය පිළිබදව සමාජය තුළ විවිධ මතවාද පැවතීම නිසා බලාපොරොත්තු වන සිසටම් චේන්ජ් එක සිදු කළ නොහැකියි. එම නිසා මූලික වශයෙන් පවත්නා ගැටළුව පිළිබඳව දේශපාලන සමාජය තුල ඒකමතිකත්වයක් පැවතිය යුතුයි.

 ශ්‍රී ලංකාව පිළිබඳව අවධානය යොමු කිරීමේ දී අසමානතාව මනින දරශකය වන ගිනි සංගුණකය අනුව දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව අවසන් මට්ටම තුළ රුඳී සිටිනු දැකිය හැකියි.විශේෂයෙන්ම  ශ්‍රී ලංකාවේ සහදායකයින් බොහෝමයක් රාජ්‍ය වෘත්තීය සමිතිවල සාමාජිකයින් වන අතර බහුතරයක් සාමාන්‍ය ජනතාව නොව බවයි පෙනී යන්නේ.එම සහදායකයින් විසින් බොහෝවිට විදම් කරනු ලබන්නේ අත්‍යාවශ්‍ය දේට වඩා වෙනත් විශේෂ දෑ සඳහා වන බැවින් රට තුළ අපනයන ඉක්මවා ආනයන ප්‍රමාණය ඉහල යාම සඳහා එය හේතුවක් වේ.එය තුළින් රටතුළ ඇති ගැටළුව තවදුරටත් ප්‍රසාරණය වන හෙයින් එම සහදායකයින් නිශ්චිතව හඳුනා ගනීම ගටළුව නිරාකරණය සඳහා බෙහෙවින් වැදගත් කරුණකි.

ශ්‍රී ලංකාව තුළ වර්ථමානය තුළ  මුහුණ දී තිබෙන පුධාන අර්බුද 5ක් දැකිය හැකියි.

1.       ණය

2.       දූශණය

3.       දිළිඳුකම

4.       නොහැකියාව

5.       අස්ථාවරභාවය

මෙ 5ට කල්යනටලිසම් බලපා ඇති ආකාරය හැදෑරිය යුතුයි.එහිදී සහදායකයින් බහුතරයක් රාජ්‍ය සේවකයින් ලෙස දැකිය හැකියි. පළාත් සභා හෝ පළාත් පාලන නියෝජිතයන් විසින් ලබා දෙන වරප්‍රසාද ලබා ගැනීම සඳහා ඔවුන් හා විවධ කාර්යයන් හි නිරත පිරිස් පවා සහදායකයින් ලෙස හඳුනා ගැනීම සිදුකළ හැකියි.විශේෂයෙන්ම දේශපාලන සම්බන්ධතා සහිත පිරිස් මේ යටතට ගැනිය හැකි බව පැහැදිළි කරුණක්. එය යමෙකුගේ ආදායම් මට්ටමට පමණක් නොව සෑම මට්ටමකින්ම දැකිය හැකියි.ඒ අනුව වරප්‍රසාද ලබන සේවාදායකයින් ප්‍රමාණය අභිබවා වරප්‍රසාද නොලබන කොටසක් රැඳී  පවතින බවයි පැහැදිලියි. එම වරප්‍රසාද නොලබන කොටස් පීඩාවට පත් වීම සඳහා, රට තුළ පවතින සම්පත් තුළින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව සැලකීමකින් තොරව බෙදා හැරීම,රාජ්‍ය වියදම් නාස්තිකාර පදනමකින් භාවිතා කිරීම ආදිය හේතුවෙන් ඇතිවන පීඩාවන් කරණ කොටගෙන මෙරට ඇති වූ අරගලය තුළින් ඉදිරියට ආ වරප්‍රසාද නොලබන කොටස් නැවත වටයකින් ඉදිරියට පැමිණීමේ අවකාශය පවතින අතර එම අවකාශය පවත්නා අර්බූදයේ මට්ටම අනුව සිදු වීමේ ඉඩකඩ පවතී. ඒ අනුව ජනතාව සතුටින් සින තත්වක් දක්වා පවතින තත්ව වෙනස් කිරීම අතිශය වැදගත් ය.ලොකය පුරා අත් දැකිය හැකි තත්වයක් වන්නේ යම් රටක අර්බූදයක් පවතින අවස්ථාවක දී එරට මධ්‍යම පන්තිය එම තත්වය වෙනස් කිරීම සඳහා මූලිකත්වය දරණු ලබන බවයි.එවැනි තත්වයක දී මධ්‍යම පන්තිය තුළ පවතින සහදායක වාදය අභිබවා අර්බූදය තුළින් ඔවුන් අත්විඳින පීඩාව ඉස්මතු වන බව පෙනී යයි.

තවදුරටත් සහදායක වාදය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී,ශ්‍රී ලංකාව තුළ සහදායක වාදය නිර්මාණය වීම සඳහා පවත්නා මැතිවරණ ක්‍රමය මගින්ද පිටුබලයක් සමයනු ලබයි. එම නිසා එම තත්වය සමනය කර ගැනීම සඳහා මෙරට මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදු වීමද අනිවාර්යය කරුණකි.එමෙන්ම පවත්නා දේශපාලන ක්‍රමය තුළ අර්බූදය විසඳීම සඳහා සියළු පක්ෂ ඒකාබද්ධව සිදුකරනු ලබන පාලනයක් පිළිබඳව කිසිදු බලාපොරොත්තුවක් ප්‍රායෝගිව තබා ගත නොහැකි තත්වයකදී සිදු කළ යුතු වන්නේ සියළු දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම සඳහා උනන්දු කරවීමයි. එයට හේතුව වන්නේ බොහෝදුරට සහදායක වාදය අහිතකර ලෙස වර්ධනය වීම සඳහා දේශපාලන ක්‍රමය හේතු වීමයි.

සමස්ථයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සහදායක වාදය පාලනය කිරීම සඳහා තරමක හෝ නීතීමය ප්‍රතිපාදන පැවතියද එම නීතීන්ට අනුගත නොවීම තුළින් හෝ නීතීමය ප්‍රතිපාදන තුළ පවත්නා දුර්වලතා හේතුවෙන් සේවාදායක වාදය පාලනය කිරීමට නොහැකි තත්වයක් පවතී. ජාත්‍යන්තර වශයෙන් වූවද සේවා දායක වාදය දැකිය හැකිවූවද සෑම ක්ෂේත්‍රයකම පාහේ පැතිරගිය සේවා දායක වාදය හේතුවෙන් ඇති වූ අර්බූදය සමනය කිරීමේ කාර්යයේ දී එම තත්වය පූර්ණ වශයෙන් තුරන් කළ හොහැකි වූවද වඩාත් අහිතකර භාවිතාවන් සීමා කිරීම සඳහා වැදගත් නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම හෝ පවත්නා නීතිමය ප්‍රතිපාදන සඳහා සංශෝධන හඳුන්වා දීම සිදු කළ යුතුව ඇත.ඒ අනුව පුද්ගලික සහදායක වාදය අභිබවා යන සමාජ සහදායකවාදයක අවශ්‍යතාවය නූතන ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇත.

 One – Text Initiative Research team

ආකෘතියේ  Eng/ සිංහල සුපැහිදිලි බාගත කිරීමට මෙම දිගුවෙන් 


English Document

https://drive.google.com/file/d/13up1aH6FHJTIciW-rR5ZBpB3soktI8d4/view?usp=sharing

සිංහල ලෙඛනය

https://drive.google.com/file/d/1dcrBhOt4AiyTuBub87H-sQjQgWc9YNaY/view?usp=sharing



Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *