IMG-LOGO
Home බ්ලොග් වලට වැටීම කෙනෙකු මොළය පෑදෙන්න හේතුවන්නේ යැයි කියමි.

වලට වැටීම කෙනෙකු මොළය පෑදෙන්න හේතුවන්නේ යැයි කියමි.

Date : 2022-Dec-15
IMG
වර්මාථනය වන විට ශ්‍රී ලංකාව  බහුවිධ බංකොලොත් භාවයට පත් වූ රටකි. මේ වන විට ණය බර ද බහුවිධ දිළිඳු කම් ද අවසන් වශයෙන්  අපගේ ජීවිත ආක්‍රමණය ‌කොට තිබේ.

ඒ හේතුවෙන් මුළු රටම අරගලයට පිළිපන්නේය. පාලක තන්ත්‍රය වෙනස් කරන්නට බලකෙරුනේය.

එනමුදු එකී පෙරලියෙන් පසුව බලයට පත් වූ දේශපාලන තන්ත්‍රයටද රට කරවන නිළධාරී මණ්ඩලයටද ඉහත පැණ නැගී තිබූ වාතාවරණය පිළිබඳව නිසි අවබෝධයක් හෝ වගක් නැති සේ පෙනේ .

ඒ බව පසුගිය දෙසැම්බර් 08 වන දින සම්මත කරන ලද අයවැය දෙස විමසුම් සහගතව බැලීමේ දී පෙනී යයි.

රටක රාජ්‍ය මූල්‍ය කළමණාකරණය පැවරෙන්නේ මුදල් අමාත්‍යාංශයට හා මහා භාණ්ඩාගාරයට ය. ඒ සඳහා ප්‍රතිපත්තිමය දේශපාලන නායකත්වය ලබා දිය යුත්තේ මුදල් අමාත්‍යවරයා ප්‍රමුඛ පවතින ආණ්ඩුවයි.

මෙවර ඉදිරිපත් කෙරුණු 2022/23 අයවැය රටට වැදගත් වන්නේ රටේ එදිනෙදා මූල්‍ය  කළමණාකරණය සිදුකිරීම සඳහා වන ඇස්තමේන්තු සකස් කිරීම සඳහා පමණක් නොව මුහුණ දෙමින් සිටින බංකොලොත් භාවය කළමණාකරණය කිරීමට මෙන්ම බංකොලොත් භාවයෙන් මිදී යම් ස්ථාවරත්වයක් ලබා ගැනීම සඳහා වන අඩිතාලම දැමීම මුල්කොට ගෙනය.

නමුත්, වර්ථමාන අයවැය යෝජනා දෙස බැලූ කළ මෙම අයවැය  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා සිටින ණය ගෙවීමේ ස්ථායීතාව ඇති කිරීමට පමණක් ගෙන එන ලද අයවැයක් පමණක්ම යැයි එක්වරම බලන පුද්ගලයෙකුට පෙනී යා හැකිය. ඒ තුළින් ශ්‍රී ලංකාව මේ වනවිට  මුහුණ දෙමින් සිටින බහුවිධ බංකොලොත් භාවය, බහුවිධ දිළිඳුකම අවසංවර්ධනය පිටු දැකීමට ප්‍රතිපත්තිමය ප්‍රවිශ්ඨයක් ගෙන තිබෙන්නේ ද යන්න පිළිබඳව ඇත්තේ සැකයකි.

එවැනි ප්‍රවිශ්ඨයක් ගැනීම සඳහා මූලිකවම වැදගත් වන්නේ අනාගතය නිවැරදි ලෙස පුරෝකතනය කිරීමට ඇති හැකියාවයි.එවැනි පුරෝකථනයන් සිදුකළ හැක්කේ විද්‍යාත්මක දත්ත නිවැරදි ඇස්තමේන්තු හා නිවැරදි පූර්ව නිගමන වල පිහිටා අනාගත සංවර්ධන ඉලක්ක පුරෝකථනය කරන්නේ නම් පමණකි. නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ ආයතනයන් සතුව පුරෝකථනයන් සකස් කිරීම සඳහා ප්‍රමාණවත් දත්ත පද්ධතියක් තිබේද යන්න පිළිබඳව ඇත්තේ කුකුසකි.

මෙරට අනාගතය පිළිබඳව පුරෝකථනයන් ගොඩ නැංවීමේ දී මූලික කාර්යය භාරයක් පැවරෙන්නේ මුදල් අමාත්‍යාංශයටය. නමුත් අපගේ මුදල් අමාත්‍යාංශය සෙසු ආයතන ගත් මග ගනිමින් වර්තමාන අයවැය සකස් කිරීමේ දී මෙන්ම අතීතයේ දී ද පෙන්වා ඇත්තේ තමන් විසින්  විද්‍යාත්මක දත්ත, නිවැරදි ඇස්තමේන්තු හා පූර්ව නිගමන මත පිහිටා කටයුතු නොකරන බවය.

සෑම වර්ශයකදීම අයවැය සකස් කරන මුදල් අමාත්‍යාංශය තම පුරෝකථනයන්   නිවැරදි  නොවන  බව  අයවැයෙන් පසුව වරින් වර පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන පරිපූරක ඇස්තමේන්තු වලින් හොඳින් පෙන්නුම්කර තිබේ.

එම නොහැකියාව වසර ගණනාවක් තිස්සේ පෙන්නුම් කර ඇත. ආසන්නතම උදාහරන පිළිබඳව අවධානය යොමු කරන්නේ නම් , අප මුදල් අමාත්‍යාංශයට  2020 දී වැරදි ගොස් ඇති  පුරෝකථනයන් දෙස බලන කළ මේ බව හොඳින් විද්‍යාමාන වන්නේ ය. උදාහරණයක් ලෙස ගතහොත් 2020 වර්ශයේ පුරෝකථනය කරන ලද ආදායමෙන් රු.බිලියන 182ක්  උපාගත නොහැකි ආදායමක් බවට පත්ව තිබේ. එම වර්ෂයේ අයවැයේ ඇස්තමේන්තු කළ රාජ්‍ය වියදම රු. බිලියන 689 කින් වෙනස් වී තිබේ. එසේම අයවැය පරතරය ඇස්තමේන්තු කළ මුදලට වඩා  රු. බිලියන 507කින් වෙනස්ව තිබේ. ඒ අනුව ඉහතින් පෙනී යන්නේ අපගේ මුදල් අමාත්‍යාංශයේ පවතින නොහැකියාවයි. මෙකී නොහැකියාව පසුගිය වසර 10 ක කාලයකට ගෙන බැලුව ද එම නොහැකියාව පෙන්නුම්කර තිබේ. 

මෙවර අයවැය

 මුදල් අමාත්‍යාංශය කියනුයේ  22/23 මූල්‍ය වර්ෂය සඳහා ඇස්තමේන්තු කරන ලද ආදායම  රු බිලියන 3415 ක් වන බවයි (වර්ෂ 2020 දී කියා ඇත්තේ 21/22 වර්ෂ සඳහා පුරෝකථනය කරන අදායම රු. බිලියන 1464 බවයි).

රාජ්‍ය වියදම සැළකු කළ එය 2020/23 වර්ශය ඉක්මවා රු බිලියන 5819 ක් බව කියා සිටී. එම වියදම  ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ මූලික වශයෙන්  ණය පොලී ගෙවීම් රු. බිලියන 2193 ක් (2021/22 මුලදී කියා ඇත්තේ  එය රු. බිලියන 1048 වන බවය). වැටුප් ලෙස රු බිලියන 1002 ( 2021/22 ආරම්භයේ දී කියා ඇත්තේ එය රු. බිලියන 846 ක් බවයි) , ප්‍රාග්ධන වියදම් ලෙස රු. බිලියන 790 (2021/22 ආරම්භයේදී පවසා ඇත්තේ එය රු. බිලියන 1120 ක් ලෙසයි.)

ඒ අනුව, අප රටේ අයවැය හිඟය වන්නේ රු. බිලියන 2404 කි. එය දළ ජාතික නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් කළ 7.9% කි. අයවැය හිඟයේ ඩොලර් වටිනාකම ඩොලර් බිලියන 6.5කි.

වැදගත්ම  කරුණක් වන්නේ ජනාධිපතිවරයා විසින් වර්ෂ 2003 දී හඳුන්වා දුන් රාජ්‍ය මූල්‍ය කළමණාකරණය නියාමනය කිරීමේ පනතට අනුව පවත්වා ගෙන යා යුතු අයවැය පරතරයේ ප්‍රතිශතය 5% ක් වීමයි. එසේම, බංකොලොත් වීමෙන් ගොඩ එන රටක අයවැය මගින් මෙරටට සිදුකරන ප්‍රක්ශේපනය කෙතරම් දුරට යථාර්ථවාදී දැයි සිතා බැලිය යුතුය.

බංකොලොත් වී ඇති රටක විදේශ ණය ගැනීමේ හැකියාව පූර්ණ ලෙස නතර වී ඇති තත්වයක ඉහත කී ඩොලර් බිලියන 6.5ක වියදම පිරිමසා ගැනීම සඳහා දේශීය ණය ලබා ගැනීමට සිදුවිය හැකිය . එසේත් නැත්නම් දේශීය වත්කම් ආයෝජකයන්ට විකුණා දැමීම සිදුකළ යුතුව තිබේ. දැනටමත් ශ්‍රී ලංකා රාජ්‍යය දේශිය බැංකු හා ලබා ගෙන ඇති ණය ප්‍රමාණය දළ ජාතික නිශ්පාදිතයේ ප්‍රතිශයක් ලෙස ගත් කළ 80% ඉක්මවා තිබෙන තත්වයක් තුළ දී  ලබා ගත හැකි දේශීය ණය ප්‍රතිශතය ද සීමා වන්නේ ය.

එවැනි වටපිටාවක දී  ඉතුරු වන්නේ දේශිය වත්කම් විකුණා දැමීම වන්නේය. ප්‍රශ්ණය වන්නේ ඩොලර් බිලියන 6.4ක් උපයා ගැනීමට හැකි තරම්  දේශීය වත්කම් අප සතුව පවතිනේ ද යන්න පිළිබඳවයි.

ඒ අනුව පෙනී යන්නේ වර්ථමාන අයවැය ජාත්‍යන්තර අරමුදලේ ණය සහතිකය ලබා ගැණිමෙන් පසුව දිගින් දිගටම ණය බරින් මිදීම සඳහා තම ආර්ථික මූලෝපායන් සකස් කරමින් සිටින බවයි.

අනාගතය සඳහා ආයොජනයක් නොමැති අයවැයක්......

ණය නොගෙන සිටීමට බැරිමනම් ණය ගත යුත්තේ  ප්‍රාග්ධන වියදම් සඳහා ආයෝජනය කිරීමටය. නමුත්  මෙවර අයවැයෙන් සිදු කළ යුතු  ප්‍රාග්ධන වියදම ලෙස සඳහන් කර ඇත්තේ රු. බිලියන 790 කි. එම ප්‍රාග්ධන වියදම් බොහොමයක් සිදුකරනු ඇත්තේ දේශපාලන තන්ත්‍රය හා නිළධාරී තන්ත්‍රයේ සුඛ විහරණයට වන්නට පුළුවන. නමුත් අපේ ප්‍රාග්ධන වියදම් සිදුකළ යුත්තේ ආයෝජන දිරිමත් කීරීම සඳහා වන සානුබල සපයන පරිසරයක් නිර්මාණය කිරීමටය. එසේම, කඩා වැටෙන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ආරක්ෂා කිරීමටය. ආර්ථිකයේ කඩා වැටීම නිසා මෙන්ම ආර්ථක ප්‍රතිසංස්කරණ  ය හේතුවෙන් තම ආර්ථිකය කඩා වැටෙන සාපේක්ෂ දිළිඳු ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සඳහා විදුලිය , ජලය, ටෙලිකොම් පරිභෝජන පිරිවැය ඉහල යාම කළමණාකරණය කිරීමට පාදක වන විකල්ප වැඩපිළිවෙලක් හඳුන්වා දීමටය. බංකොලොත් භාවයෙන් මිදීම සඳහා ණය ගෙවීම ස්ථායීකරණය කිරීමට හඳුන්වා දුන් ඉහළ බදු ක්‍රම නැවත බංකොලොත්භාවයට පත්වන ජන තීරුවල  වත්කම් උත්පාදනයට අත්වැලක් සැපයීම සඳහා ආරක්ෂාවක් ලබා දීමටය.

මේ කිසිවක් 2022/23 වර්ෂය සඳහා හඳුන්වා දෙන ලද අයැවැය ප්‍රකාශයේ අන්තර්ගත වන බවක් නොපෙනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා සිටින ණය ආපසු ගෙවීමේ හැකියාව තහවුරු කරන ඒක මානීය ලියව්ල්ලක් පමණක් ද යන සැකය ඉස්මතු වෙයි. අයවැය මගින් හෝ වෙනත් ක්‍රමවේදයක් මගින් ඉහවහා ගිය දූශණය, නාස්තිය හා අක්‍රමිකතාව පරාජය කිරීමට කටයුතු කරන බවක් පෙනීමට නැත. වරෙක මහාචාර්යය ඉන්ද්‍රතිස්සයන් ප්‍රකාශ කළ පරිදි ලාංකික රාජ්‍ය දූශණය, අක්‍රමිකතාව හා නාස්තියේ  ප්‍රතිශතය රටේ දළ ජාතික නිෂපාදනයෙන් 10%කි. ඒ අනුව බලන කළ එම 10% රැකගන්නට හැකි වන්නේ නම් 2022 /23 අයවැයේ පරතරය අපට නැතිකරගත හැකිව තිබේ. නමුත්, වර්ථමාන පාලකයන් සිදුකරමින් සිටින්නේ දුවන් මුවන් දැක නොදමව් නෙලු පලා යන කියමනට සමාන ක්‍රියාවකි.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *