IMG-LOGO
Home බ්ලොග් ශ්‍රී ලංකාවේ බදු අයථා ලෙස භාවිතා කරන මෙවලමක් ද

ශ්‍රී ලංකාවේ බදු අයථා ලෙස භාවිතා කරන මෙවලමක් ද

Date : 2022-Jul-26
IMG

මෙම පර්යේෂණ ලිපිය ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන බදුකරණය සහ බදුකරණ ක්‍රමය අවධානය යොමු කරනු ලබයි. සාමාන්‍යයෙන් , බදුකරණය යනුවෙන් හැඳින්වෙන්නෙ රජයේ මූල්‍ය ප්‍රතිපත්තියේ මෙවලමක් ලෙසයි. එය රජයේ ආදායම ඉහළ නැංවීමට භාවිතා කළ හැකි අතර එමඟින් රටේ ආර්ථිකයට මූල්‍යකරණය සහ ව්‍යාපෘති සඳහා රජයේ වියදම් සඳහා යොදා ගනී. බදුකරණය පුළුල් ලෙස වර්ග දෙකක් දැකිය හැකි අතර ඒවා සෘජු සහ වක්‍ර බදු ලෙස හඳුනා ගනී.


සෘජු බදු සෘජුවම පාරිභෝගිකයා මත පනවනු ලැබේ, උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම ගෙවිය යුතු ආදායම් බද්ද පෙන්වාදිය හැකිය. වක්‍ර බදු පාරිභෝගිකයා මත පනවා ඇත්තේ අඩු පැහැදිලි ක්‍රමවලිනි- උදාහරණයක් ලෙස වෙළඳසැලකින් මිලදී ගන්නා භාණ්ඩ හා සේවා මත පනවා ඇති වැට් බද්ද පෙන්වා දිය හැකිය. මෙම පර්යේෂණ ලිපිය මගින් ඉදිරිපත් කරනු ලබන පැහැදිලි තර්කයක් වන්නේ - අනුප්‍රාප්තික ශ්‍රී ලංකා රජයන් විසින් දේශපාලන අරමුණු සඳහා මෙවලමක් ලෙස බදු අය කිරීම සහ අනිසි ලෙස භාවිතා කර ඇති අතර එය (වෙනත් සාධක අතර) ශ්‍රී ලංකාව අද මුහුණ දෙන ආර්ථික හා මූල්‍ය පරිහානියට දායක වී තිබෙන බවයි .


'අවයෝජනය සහ උපාමාරු' තර්කය වර්ධනය කිරීම


අපි මුලින්ම බදුකරණය පිටුපස ඇති මූලික සිද්ධාන්තය දෙස අවධානය යොමු කරමු. ප්‍රශස්ත බදුකරණය පිළිබඳ සම්මත න්‍යාය මගින් පෙන්වා දෙන්නේ සීමාවන් සමූහයකට යටත්ව සමාජ සුබසාධන කාර්යයක් උපරිම කිරීම සඳහා බදු ක්‍රමයක් තෝරාගත යුතු බවයි. ප්‍රශස්ත බදුකරණය විසින් සාමාන්‍යයෙන් සමාජ සැලසුම්කරු උපයෝගිතාවාදියෙකු ලෙස සලකයි: එනම් සමාජ සුබසාධන කාර්යය සමාජයේ පුද්ගලයන්ගේ උපයෝගිතා මත පදනම් වන බව එයින් අදහස් වේ. මෙහිදී තනි පුද්ගල උපයෝගිතාවල රේඛීය නොවන ශ්‍රිතයක් වන සමාජ සුබසාධන ශ්‍රිතයක් භාවිතා කරයි.

කෙසේ වෙතත්, මෙහිදී ඇතැම් අධ්‍යයනයන් උපකල්පනය කරන්නේ සමාජ සැලසුම්කරු සාමාන්‍ය උපයෝගිතා ගැන පමණක් සැලකිලිමත් වන නිසා එයින් පුද්ගල උපයෝගිතාවයන් තුළ රේඛීය වන සමාජ සුබසාධන කාර්යයක් හඟවන බවයි. මෙම ලිපියෙන් අදහස් වන අපගේ අරමුණු සඳහා, මෙම වෙනස්කම් පිළිබඳව ඇත්තේ ද්විතීයික වැදගත්කමක් වන අතර, සමාජ සැලසුම්කරු සම්භාව්‍ය “රේඛීය” උපයෝගිතාවාදියෙකු ලෙස සිතීමේ දී වැරදි අවබෝධයක් ඇතිකර නොගත යුත්තේ සමාජ සැලසුම්කරු විසින් මුහුණ දෙනු ලබන ගැටලුව වඩාත් සරල කිරීම සඳහා සමාජයේ සෑම කෙනෙකුටම, පරිභෝජනයට සහ විවේකයට වඩාත් සමානව කැමැත්තක්  ඇති බවට උපකල්පනය කිරීම හේතුවෙනි.


ඇතැම් අවස්ථාවල දී එම උපකල්පනය තවත් පියවරක් ඉදිරියට ගෙන යනු ලබන්නේ ආර්ථිකය තුළ සම්පූර්ණයෙන්ම සමාන පුද්ගලයින් වාසය කරනු ලබන්නේ යැයි උපකල්පනය කිරීම තුළිනි. සමාජ සැලසුම්කරුගේ ඉලක්කය වන්නේ බදු ක්‍රමය සපයන ඕනෑම දිරිගැන්වීමක් සඳහා පාරිභෝගිකයා ප්‍රතිචාර දක්වන හෙයින්,පාරිභෝගික සුබසාධනය උපරිම කරන බදු ක්‍රමය තෝරා ගැනීමයි. බදුකරණය පිළිබඳ සමහර අධ්‍යයනයන්හි දී, පාරිභෝගිකයා පිළිබඳව උපකල්පනය කිරීම ප්‍රයෝජනවත් සරල කිරීමක් විය හැකිය. කෙසේ වෙතත්,පාරිභෝගිකයෙකු සමඟ ආකෘතියකින් ප්‍රතිපත්තිමය නිගමනයන්ට එළැඹීම ද ඇතැම් අවස්ථාවල දී බාධාවන් ඇති කළ හැකිය.


විෂයට අදාල කාර්යයන් නිර්ණය කිරීමෙන් පසුව, ඊළඟ පියවර වන්නේ බදු ක්‍රමයක් සකස් කිරීමේදී සමාජ සැලසුම්කරු මුහුණ දෙන බාධාවන් අවබෝධකර ගැනීමයි. ප්‍රධාන වශයෙන් මුල්කාලීනව, ෆ්‍රෑන්ක් රැම්සි (1927) විසින් යෝජනා කළේ,සැලසුම්කරු විසින් භාණ්ඩ මත පමණක් බදු මගින් දී ඇති බදු ආදායමක් එකතු කළ යුතු යැයි උපකල්පනය කිරීමේදී එවැනි බදු පැනවිය යුත්තේ භාණ්ඩ සඳහා පාරිභෝගිකයාගේ ඉල්ලුමේ ප්‍රත්‍යාස්ථතාවට ප්‍රතිලෝමව සමානුපාතිකව වන බවයි.එවිට අනම්‍ය ඉල්ලුමක් පවතින භාණ්ඩ සඳහා  බදු අය කිරීම වැඩි කරනු ලබයි.


රැම්සි විසින් දක්වනු ලැබූ අදහස් බදු න්‍යාය පිළිබඳව මෙන්ම පොදු භාණ්ඩ මිලකරණය වැනි අනෙකුත් ක්ෂේත්‍ර කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කර ඇති අතර ඔහු විසින් කාර්යක්ෂම බදුකරණය හඳුනා ගැනීම සඳහා ක්‍රමවේදයක් (pareto - Efficient Taxation)  සකස් කර 1987 දී හඳුන්වා දෙනු ලැබිණි, එය මෑතකදී Werning (2007) විසින් ද අනුගමනය කරන ලද ප්‍රවේශයකි. මෙම ප්‍රවේශය වැදගත් වන්නේ උපයෝගිතාවාදී සමාජ සුබසාධන ක්‍රියාකාරකම් භාවිතා කරන ප්‍රශස්ත බදුකරණ ආකෘතිවල සාමාන්‍ය ක්‍රමවේදයන් බොහොමයක් පැරේටෝ නියමයන් තුළ ප්‍රතිනිර්මාණය වී පවතින බව එයින් පෙනීයන හෙයින් සමාජ සුබසාධන කාර්යයේ නිශ්චිත ස්වරූපය ඉතා වැදගත් නොවේ. 


ශ්‍රී ලංකා දේශපාලනයේ මෑත කාලීන උදාහරණ පිළිබඳව විමසීමේ දී. 2019 නොවැම්බර් ජනාධිපතිවරණයට පෙර, එවක අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය මැතිවරණ පොරොන්දු සඳහා විශාල බදු අඩු කිරීම් යෝජනා කළේය. ඔහු මැතිවණයෙන් ජයග්‍රහණය කර ජනාධිපති වූ විගස 15% සිට 8% දක්වා වැට් බදු අඩු කිරීමක් හඳුන්වා දුන් අතර යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මුදල් සැපයීමට අදහස් කරන 2%ක " ජාතිය ගොඩනැගීමේ බද්ද" ඇතුළු තවත් බදු කිහිපයක් අහෝසි කළේය. මෙම බදු කප්පාදුවේ අරමුණ සරල දේශපාලන ජනතාවාදයයි.


ශ්‍රී ලංකා ආර්ථිකය සක්‍රීය කිරීමටත්, ව්‍යාපාරවල වියදම් සහ පාරිභෝගිකයන් මත පැටවෙන බදු බර අඩු කිරීමටත්, අඩුම තරමින් කෙටි කාලීනව හෝ ඡන්දදායකයන් සතුටින් තබා ගැනීමටත් රාජපක්ෂ බලාපොරොත්තු වූවා විය හැකිය. මෙම බදු අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු පළමු කරුණ නම්, එමගින් රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස අඩු කර ඇති බවයි. මෙයින් අදහස් කරන්නේ රජයට වෙනත් මූලාශ්‍රවලින් ආදායම වැඩි කර ගැනීමට හෝ අයවැයේ වියදම් අඩු කිරීමට අවශ්‍ය වනු ඇති බවයි. දෙවන කරුණ නම්, ශ්‍රී ලංකා ආර්ථිකයට ඩොලර් බිලියන 2 ක මුදලක් වැය කිරීමට අපේක්ෂා කරන මෙම විශේෂිත බදු කප්පාදුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ප්‍රධාන ක්‍රියාකරුවෙකු වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව දැඩි සාකච්ඡාවකට බඳුන්වනු ඇතැයි නිගමනය කළ හැකිය.


IMF ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන පදනම් වී ඇත්තේ එක් මූල්‍ය ඒකාග්‍රතාවය මත වන අතර පසුගිය ශ්‍රී ලංකා රජයන්ගේ අකාර්යක්ෂම අයවැය ප්‍රතිපත්ති රට තුළ පවතින මූල්‍ය අර්බූදයට හේතු වී ඇති අතර දැරිය නොහැකි ණය බර වැඩි කිරීම සඳහා දායක වී තිබේ. මෙම ආකාරයේ බදු උපායමාරු හේතුවෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය ඒකාග්‍රතාවය ගිලිහී යාමට හේතු විය හැකි අතර ශ්‍රී ලංකා ආර්ථිකයට විනාශකාරී වනු ඇත. එම හේතුව මත  IMF ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සහ මූල්‍ය ආධාර අත්හිටුවීමට ද හේතුවක් විය හැකිය. 


2019 දී බදු අඩු කිරීමට පෙර ශ්‍රී ලංකාවේ මූල්‍ය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.6% ක මුල් IMF ඉලක්කය ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරන ලදී. මුදල් අමාත්‍ය අලි සබ්රි සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කරන ලද්දේ 2019 බදු කප්පාදුව වැරදීමක් බවත් එය නිවැරදි කළ යුතු බවත්ය. බදු කප්පාදුව හේතුවෙන් ශ්‍රී ලංකාවට ණය ශ්‍රේණිගත කිරීම් තුල පහල දැමීමක් ද  සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ වෙත ප්‍රවේශය අහිමි වීමට පටන් ගත්තේය. ශ්‍රී ලංකාව සිය ණය බැඳීම් සපුරාලීම සඳහා සිය විදේශ සංචිත භාවිතා කළ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස විදේශ සංචිත 2019 ජුනි මාසයේදී ඩොලර් මිලියන 8,864ක  මට්ටමක සිට 2022 ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 2,361 දක්වා පහත වැටුණි.


නිගමනය


අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ ආර්ථික හා මූල්‍ය අසමතුලිතතාවයට අනුප්‍රාප්තික ශ්‍රී ලංකා රජයන් විසින් බදු අය කිරීම අනිසි ලෙස භාවිතා කිරීම සහ හසුරුවාලීම හේතු වී ඇති බවට ලිපියේ හැඳින්වීමේදී ඉදිරිපත් කරන ලද මූලික තර්කය මෙම පර්යේෂණ ලිපිය මගින් නැවත නැවත ඉදිරිපත් කරයි. මෙම තර්කය ගොඩනැගුනේ පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ බදු ක්‍රමවේද විශ්ලේෂණය කරමිනි. අපගේ ලිපිය අවසන් කිරීම සඳහා, අනාගත ශ්‍රී ලංකා රජයන් බදු අය කිරීම සම්බන්ධයෙන් අතීතයේ පාඩම් ඉගෙන ගත යුතු අතර, එය ශ්‍රී ලංකාවේ කෙටි හා දිගුකාලීන ආර්ථික අවශ්‍යතා සමඟ පෙළගැස්වීම සඳහා ඔවුන්ගේ බදු ප්‍රතිපත්තිය වෙනස් කළ යුතු බව අපි සටහන් කළ යුතුය.


Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *