One Text Initiative ආයතනය මගින් පවත්වනු ලැබූ
' 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යොජනාව' සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක් ඊයේ (2022.06.01) දිනයේ දී කොළඹ 05, ජානකී හෝටලයේ දී පැවැත්විනි.
මෙම සාකච්ඡාව සඳහා සම්පත් දායකයකයින් ලෙස ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සහ නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා සහභාගී වු අතර පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයින්,නීතීඥයින්,සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට සහභාගී විය.
එහිදී දැනට ඉදිරිපත්ව ඇති සංශෝධන යෝජනාව පිළිබඳව පක්ෂ හා විපක්ෂ අදහස් ඉදිරිපත් වූ අතර මෙම සංශෝධන යෝජනාව වඩාත් සාර්ථක කරගැනීම සඳහා බොහෝ අදහස් සහ යෝජනා ඉදිරිපත් වීමද කැපී පෙනුනි.