IMG-LOGO
Home News ස්වාත්‍රික ජාතිකවාදය
OTI

ස්වාත්‍රික ජාතිකවාදය

Date : 2020-Aug-27
IMG

" ජාතිකවාදය පිළිබඳ සාකච්ඡා කිරීම් අතිශය ප්‍රමාණළුත් බව මේ වනවිට හොඳින්ම දැනී තිබෙන්නකි. එබැවින් අප ජාතිකවාදයට එහා ගිය කරුණක් පිළිබඳ සළකා බැලිය යුතුයි. ඒ වෙනුවෙන් ජාතිකවාදය ගැන කතා කිරීම අවසන් කළ යුතුය යන්න අප අදහසයි. " යනුවෙන් ධම්ම දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සර්වාත්‍රික ජාතිකවාදය (Inclusive Nationalism) පිළිබඳ පසුගිය දා One Text Initiative  ආයතනය විසින් සංවිධානය කරන ලද විශේෂ කතිකාවක දී අදහස් දක්වමිනි.

එහි දී ධම්ම දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

"සර්වාත්‍රික ජාතිකවාදය (Inclusive nationalism) සෑම විටෙකම සිවිල් ජාතිකවාදයට (civil nationalism) සමගාමී වන අතර එය මුළුමලින්ම රාජ්‍ය ජාතිකවාදෙයන් (state nationalism) වෙන් වී ඇති දෙයක් බව පළමුව අවබෝධ කර ගත යුතුය. ජාතිකවාදය සම්බන්ධයෙන් අනේක වූ විවිධ වර්ගීකරණයන් අද සාකච්ඡා වීම සුලබ දෙයක් වී ඇති බව පෙනේ. බෙහෝවිට ඒවා හුදෙක්ම “වචන” පමණක් වී තිබීමත් ඉතාමත් සාමාන්‍ය කාරණයක් යැයි කීවොත් එය නිවැරදියි. මගේ මතකයේ හැටියට, මීට වසර 10 කට පමණ පෙර, අපි (Inclusive Governance)  සර්වාත්‍රික ආණ්ඩුකරණය සම්බන්ධයෙන් වැඩමුළු ගණනාවක් සිදු කරනු ලැබීය. එය වචනයක් බවට පත් කිරීමට ගත් වෙහෙස අවසානයේ සාර්ථක කර ගත්තේ, ඊට සර්වාත්‍රික ආණ්ඩුකරණය යන වචනය යෙදීමෙන් අනතුරුවය.  මේ ආකාරයට වචන පැමිණෙන විට අපි වචන සමග සෙල්ලම් කිරීම ඇරඹීම දක්නට ලැබෙනවා. නමුත් මා මෙහිදී යෝජනා  කරන්නේ දැන් මෙම ක්‍රීඩාව අවසන් කළ යුතු බවයි.

ජාතිකවාදය දේශපාලනීකරණ කළ තරමටම, අපි විසින් අපේ රටේ ඇති දුප්පත්කම, බඩගින්න, වතුර නැතිකම, ලෙඩ රෝග, සෞඛ්‍යය, ප්‍රාථමික අධ්‍යාපනය යන මේවා දේශපාලණීකරණය කළා නම් ජාතිකවාදය පිළිබඳ සිතියම කිසිවිටෙකත් ගොඩ නොනැගේවි. අවම වශයෙන් එසේ වූවේ නම්, එම සිතියම නියමාකාරයෙන් වෙනස් වන්නට අවස්ථාව තිබුණාය යන්න මා මෙහිදී අදහස් කරනවා.

මා දකින ආකාරයට “ජාතිකවාදයේ” බැහැර කිරීමේ ගුණයත්, සියලු බලවේගයන් ඒකරාශී කර ගැනීමේ ඇතුළත් කර ගැනීමේ ගුණයත් යන දෙකම එකවර පවතිනු ඇති බවයි. ජාතිකවාදය ආරම්භයත් සමඟම අනෙකුත් ජාතික කණ්ඩායම් නැත්නම්  අනෙකුත් විවිධ සම්ප්‍රධායයන් තිබෙන කණ්ඩායම් එය ඇතුළට ගනු ලැබුවේ අති දැවැන්ත බලහත්කාරයක් තුළ බව අප මුලින්ම පිළිගත යුතුයි. ලෙනින් ප්‍රකාශ කරන ආකාරයට, එම බලය නැත්නම් ජාතිය යන්න වටා බලය හදන්න මරපු මිනිසුන් ප්‍රමාණය අපමණක් බව අප අමතක නොකළ යුතුයි. ඒ වෙනුවෙන් ගලා ගිය ලේ ගංගාවේ ප්‍රමාණය අති විශාලයි යන්න නොසලකා හැරිය නොහැකියි. හදවතින්, කැමැත්තෙන් හෝ මනෝ විද්‍යාත්මක ලෙස ඒකරාශී වී තැනූ දෙයක් නොවෙයි ජාතිකවාදය ලෙස නම්කරන්නේ. එය සිදු කර ඇත්තේ අති දැවැන්ත බලහත්කාරයකින් යුතුව බව මෙහිදී නැවත නැවතත් අවධාරණය කර ගත යුතුමයි.

1648 රටවල් තුළ සීමා මායිම් තැණුනේ, සර්වාත්‍ර ජාතිකවාදය අති සාරධාරණ ආකාරයට නොවන බව මා මෙහිදී සිහිකැඳවනවා. එය සිදු වුණේ දැවැන්ත මර්ධනයක් තුළ වීම ඉතාමත් වැදගත් කාරණයකි. මෙහිදී අතීතයේත් වත්මනේදීත් ජාතිකවාදයේදී  බලහත්කාරය නිරන්තරවම දක්නට හැකියි.

මෙම ප්‍රවණතාවයට විරුද්ධාභාෂය වූවේ තෝරා ගත හැකි ජාතිකවාදයයි (selective nationalism). එහිදී තෝරා ගත් පිරිසක් සහ අනෙකුන් පිරිසක් ද පිටතින් සිටිනු ඇත. අනෙකාට අභිමුඛව අප අපගේ ජාතිකවාදය එහි දී ගොඩනඟනවා දක්නට ලැබෙයි. ඒ අනුව පටන් ගැම්මේදී ස්වභාවෙයන්ම ජාතිවාදය තුළ බැහැර කිරීම සහ භාරගැනීම යන දෙකම එකවර තිබුණායැයි කිවහොත් ඊට අපට එකඟ වන්නට සිදුවීම නියතියක්. එහිදී වැදගත් කාරණය වන්නේ බැහැර කළේත්, ඇතුළට ගත්තේත් මර්ධනය භාවිත කරමින්ය යන්නයි. අති දැවැන්ත මර්ධනයක් ඒහිදී ක්‍රියාත්මක කෙරුණාය යන්න සහතික කළ හැකියි.

එහෙයින් “ජාතිකවාදය” උපදින්නේ වත්මන් ශිෂ්ඨ සමාජයට භාර ගත නොහැකි සන්ධර්භයකයි. නමුත් වත්මෙන්දී අප විසින් සර්වාත්‍රික ජාතිකවාදය ගැන කතා කරන විට, ඒය නාමකරණය කිරීම ඉතාමත් දුෂ්කරයි. මීට කාලකට ඉහත පරාක්‍රම කොඩිතුවක්කු නම් කවියා ලියන පරිදි, සිංහල දමිළ මුස්ලිම් පුද්ගලික නම් වලින් ආමණ්ත්‍රණය කරමින් ශ්‍රී පාදස්ථානය අපේ කේන්ද්‍රස්ථානය බව සිහිකැදවනවා කවියෙන්. ශ්‍රී පාදස්ථානය කේන්ද්‍රස්ථානය කරෙගන අලුත් ලෝකයක් තනන්නට පැමිණෙන ලෙස සියල්ලන්ටම ආරාධනා කරනවා එහිදී සියලු ජාතිකයින්ට. ඉන් පැවෙසන්නේ කුමක්ද? මෙය ජනප්‍රිය ලෝකයේ දැනටමත් තිබෙන අදහසක් බවයි.

යුරෝපයේ ජාතිකවාදය ගොඩනැඟීමෙන් අනතුරුව, එහි ජාතිකවාදය ශක්තිමත් කරන දැවැන්ත ආර්ථික ව්‍යාපෘතියක් ආරම්භ වී ක්‍රියාත්මක වී තිබුණි. ඒවැනි තත්ත්වයක් තුළ ජාතිකවාදය තුළ මිනිසුන්ට පවතින්න නැතහොත් ඒ තුළ සිටීමට මිස, ඒ තුළින් බැහැර වීමට හෝ වෙනත් වදනවලින් කියන්නේ නම් ඉවත්ව යාමට උනන්දුවක් ඇති වන්නේ නැත. ඒ නිසාම ඇමෙරිකා ඒක්සත් ජනපදය කෑලි වලට නොකැඩී තිබීම සැලකිය යුතුයි. ඔවුන් කිසිවිටෙකත් ස්වයං නීර්ණ අයිතිය ඉල්ලා සිටින්නේ නැති බව සියල්ලන්ම විශ්වාස කරන දෙයක් වී තිබෙනවා. ඔවුන් ස්වයංව ඒම සන්නාමය තුළ සිටීමට කැමැත්තක් දක්වා තිබෙනවා. ඒය අවසානයේ ජාතිකවාදය ද? ඇත්තවශයෙන්ම එය ජාතිකවාදය නොවෙයි. තවත් විස්තර කරන්නේ නම් ඇමෙරිකානු ජාතිකවාදයක් ඇත්තේ නැත. ඇමෙරිකාවේ ඇත්තේ  සර්වාත්‍රික ජාතිකවාදයක්ද? නැත. ඒය ජාතිකවාදය නොවෙයි. ඊට ඇමෙරිකානුවාදය වැනි නමක් අවශ්‍යයනම් අපට භාවිත කළ හැකියි. නමුත් ජාතිකවාදය එය නොවන බව මා මෙහිදී අවධාරණය කරනවා.

අනෙක් වැදගත් කාරණය වන්නේ,  ජාතිකවාදය ද්‍රෘෂ්ඨිවාදයක් ලෙස, ඊට දාර්ශනිකයින් නැතැයි යන කාරණය සිහිකැඳවීමය. ඇත්තවශයෙන්ම ජාතිකවාදයට දාර්ශනිකයින් සිටිය නොහැකිය. ජාතිකවාදය යනු මතවාදී කාරණයක් (Ideological fact) ඒකක් පමණි. (Ideology) මතවාදයන්ට දාර්ශනිකයින් සිටිය නොහැකිය. ජාතිකවාදය යනු හුදෙක්ම මතවාදයක් පමණි. එම තමවාදය තුළ අප විසින් තෝරා ගන්නා ක්‍රමවේදයකට ද (selective process) අවතීරණ වී ඇත. වෙනත් වදනවලින් කියන්නේ නම්, අපේ අයෙක්, අපෙන් පිටත අයෙක්  වශයෙන් පොදුවේ නාමකරණය කරනු දන්කට ඇත.  ඒ අනුව අවසාන වශයෙන් කිව හැක්කේ, ජාතිකවාදය සංශෝධනය කර හෝ ප්‍රතිසංස්කරණය කර හෝ සදා නිම කළ හැකි දෙයක් වශයෙන් හඳුනාගත නොහැකි බවය.

අපිට ජාතිකවාදය ප්‍රජාතන්ත්‍රීය කරන්න පුළුවන් කියල හිතනවනම්, මා මෙහිදී කියන්නේ එය එසේ කළ නොහැකි බවයි. ජාතිකවාදය යනු නෛසර්ගකිවම (anti-democratic) ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයකි.  සැබැවින්ම, සාර්ව තලෙය්දී ඒය ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. ඒකට ඉන්න අවශ්‍යයනම්  අප කළ යුත්තේ වෙනයම් කුමක් හෝ සන්නාමයක් (brand) හඳුනා ගැනීමයි. නමුත් පැහැදිලිවම ඒය ජාතිකවාදෙයන් ඒහා ගිය ඒකක් විය යුතුයි යන්න මාගේ අදහසයි. "

 

Tags: