IMG-LOGO
Home News ඡන්දයක් නැතිවම විසර්ජන පනත් කෙටුම්පත සම්මත වෙයි

ඡන්දයක් නැතිවම විසර්ජන පනත් කෙටුම්පත සම්මත වෙයි

Date : 2020-Nov-13
IMG
2020 වසර සඳහා ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී ඊයේ (12) සංශෝධන සහිතව සම්මත විය.

 
විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැති, අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊට අදාළ දෙවන වර හා තෙවන වර කියැවීමේ විවාදය ඊයේ (12 දා) දවස පුරා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ.

 
විවාදය පස්වරු 5.00 ට අවසන් වූ අතර විපක්ෂයේ විරෝධය සටහන් කරගැනීමෙන් පසුව ඒ සඳහා සංශෝධන ඉදිරිපත් කෙරිණ.
 

ඒ අනුව 2020 විසර්ජන පනත් කෙටුම්පත තෙවන වර කියැවීම ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.
Tags: